දයා තෙන්නකෝන් අභාවප්‍රාප්ත වෙයි.

අප්‍රේල් 17, 2020

ලංකික සිනමාවේ විශිෂ්ට රූපණවේදියකු වූ දයා තෙන්නකෝන් අද ( 17) අභාවප්‍රාප්ත විය. ඔහු මිය යන විට වයස අවුරුදු 79 කි. සුගතපාල සෙනරත්යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටයේ විශ්වි විද්‍යාල සිසුවකු ලෙස රගපාමින් සිනමාවට පිවිසෙන දයා ඒ වන විට පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ සිසුවකුව සිටියේය.  1941 වසරේ නොවැම්බර් මස 29 වැනි දින උපත ලද දයා බණ්ඩාර තෙන්නකෝන් මහනුවර ධඍ්මරාජ විදුහලෙන් මූලික අධ්‍යාපනය ලද්දේය. ඔහු ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ  පාසැලේ මෙන්ම විශ්ව විද්‍යාලයේ  ද සගයකු විය. අහස් ගව්ව, එයා දැන් ලොකු ළමයෙක්. සෙයිලම, බඹරු ඇවිත්, කරුමක්කාරයෝ ,  කිණිහිරියා මල්, සක්මන් මළුව ඇතුළු චිත්‍රපට රාශියකට මෙන්ම කඩුල්ල, තට්ටු ගෙවල්  වැනි ටෙලි නාට්‍ය රාශියකට ද බිහිවුණු බෝසතාණෙනි, කොරා සහ අන්ධයා, හිත හොද අම්මණ්ඩි වැනි වේදිකා නාට්‍ය රාශියකට ද රංගනයෙන් දායක විය. සක්මන් මළුව චිත්‍රපටයේ රංගනය උදෙසා දයා සරසවිය සම්මාන උලෙළේ කුසලතා සම්මානයකින් ද පිදුම් ලද්දේය. දයා විවාහ ව සිටියේ සුප්‍රකට රංගනවේදිනි ග්‍රේස් ආරියවිමල් සමඟය.

Add new comment