ශ‍්‍රී ලාල් අබේකෝන් මියයයි

අප්‍රේල් 23, 2020

 කෝපි කඬේ ටෙලි නාට්‍යෙය් මාලාවේ අප්පුවාගේ චරිතයෙන් රසික හද බැඳ ගත් ශ‍්‍රී ලාල් අබේකෝන් පසගිය 18 වැනි දා අභාවප‍්‍රාප්ත විය. සඳමඩල චිත‍්‍රපටයෙන් සිනමාවට පිවිසි ශ‍්‍රී ලාල් මනමෝහිණි , මල් හතයි, එදත් චණ්ඩියා අදත් චණ්ඩියා, පුතුනි මට වාසනා වැනි චිත‍්‍රපට රැුසක විකට චරිත නිරූපණය කළේය. ශ‍්‍රී වික‍්‍රම, සූටි ගම්රාළ සහ රයිගම් බණ්ඩා වැනි වේදිකා නාට්‍ය රාශියකට ද රංගනයෙන් දායක වුණ ශ‍්‍රී ලාල් රාජගිරියේ උපත ලබා නාවල දියවන්නා විදුහලේ සහ හේවාවිතාරණ විදුහලේ ඉගෙනුම ලැබුවේය. ශ‍්‍රී ලාල් ගායකයකු වශයෙන් ද ජනප‍්‍රිය ව සිටියේය. මිය යන විට ඔහු හැට වැනි වියේ පසුවිය.

Add new comment