තිලාගේ සරසවියේ ඩය-රියupdate ...

අප්‍රේල් 23, 2020


අද අපේ‍්‍රල් 15 බදාදා....

පසුගිය කාලයේ අපිට නිතරම පැරැුණි වචනත් එක්ක අලූ‍ත් වචන ඇහෙන්න - කියවෙන්න පටන් ගත්තා... එකින් එක මතක් කලොත්...

කොරෝනා කොවිඞ් 19 ප‍්‍රධානව...⁣

වෛරස්, නීරෝධනය, වසංගතය, රෝ බිය, කොත්තමල්ලි වෙනිවැල්ගැට, තිප්පිලි, ඉඟු‍රු, පෙරුම් කායම්, නිවාස අඩස්සිය, ඇඳිරි නීතිය, රණවිරුවන්, මීටරයක දුර, විෂබීජහරණය, අවදානම, මුඛ ආවරණය, ත‍්‍රිවිධ හමුදාව, ලොක් ඩවුන්, අයි.ඞී.එච්‍ රෝහල තවත් තියෙනවා ඉස්සරහට බලමු..

අද අපේ‍්‍රල් 16 බ‍්‍රහස්පතින්දා....

අද තිලාගේ මතකය එකවර දිවගියේ වසර 9 විතර ආපස්සට ගියා.... ඒ තිලා මානුෂික මෙහෙයුම අවසානයේ තිලා සම්බන්ධ වුන බූඞී කීර්තිසේනගේ නිර්මාණය වු රුවන් ජයසිංහගේ නිෂ්පාදනයක් මාතා චිත‍්‍රපටය අද විකාශනය වුණා. එය නැවත බලනකොට මතක්වුණේ ඒ දිනවල පුදුක්කුඩු ඉරිප්පු, වෙල්ල මුල්ලි වයික්කාල්, නන්දිකඩාල් කට්‍ට කාපු සුන්දර ජීවිතේ ගැන... ඩොනල්ඞ් කරුණාරත්න, වසන්ත විට්ටච්චි අයියලාගෙන් ක්ෂේත‍්‍රයේ පරණ කතා අහගෙන වැඩ කරපු සුන්දර කාලය මතක්වුණා..

ඇමරිකාවෙන් ආ බූඞී අයියගේ හිතමිතුරන්ට නොහොබිනා කතා උගන්නපු හැටිමතක් වුණා.. බ‍්‍රයන්ල කාලය ගෙවුන හැටි...

අද අපේ‍්‍රල් 17 සිකුරාදා...

අපේ රෝද තුනේ අයියලා සහ මල්ලිලා අදහස් ප‍්‍රකාශ කරන්නෙ අමුතුම විදයට... ඒකත් එක්තරා කාලාවක්.. එක් එක්කෙනා තමන්ගෙ අදහස තම රෝද තුනේ කොහේ හො තැනක සදහන් කරන්නෙ මෙහෙමයි...

නයත් නෑ - බයත් නෑ..

වැටුනේ නෑ අහසින් පටන් ගත්තෙ පහලින් ...

පරිනාමය වුණත් මිනිස්සු

ඇතුලින් සමහරු තාමත් සත්තු

මිදි ⁣කොහෙද තිත්ත නරි කියයිද ඇත්ත...

මොකටද දවස් හතක්. හොදටම ඇති එක දවසක්..

නරි දැක්ක ලොරි ගණන්...

මුණට ගියත් සිනා පපා

මිනසා තමයි අඳුරගන්න බැරිම සතා...

හයියෙන් ය⁣න්නෙත් නෑ ආවොත් අරින්නෙත් නෑ

උප්පැන්න සහතිකෙ ඉපදුනාට පස්සේ

මරණ සහතිකේ මැරුණට පස්සේ

ඒ අතර මොකටද චරිත සහතික..........

තවත් දවසක තවත් කතා....

අද අපේ‍්‍රල් 18 සෙනසුරාදා.

දකුණේ භාෂාව තිලාට හුරුයි.. තිලා පාසල් කාලයේ සිට මාතරත් එක්ක සම්බන්ධයි.. මාතර මහානාමලාත් ඉතා ළ`ගින් ඇසුරු කළා... ඒ කාලේ මාතර බ්‍රොඞ්වේ සිනමාහලේ පොඩි විජේ බයිස්කෝප් එක දිව්වේ නැහැල්ලූ‍.. පස්සේ හිච්චි විජේ කියල දැම්මලූ‍... මේ දැසකුමටද පස්සෙ මේ දෑස මක්කටෙයි කියල දැම්මා කියල ඉස්සර අපි මාතර සගයන්ට මඩ ගහනවා හරිම සුන්දරයි...

පස්සෙ කාලෙක සුමිත් මල්ලිලා වාසිත, නුවන් අසුරු කලා.. මාතර නිතර කරක් ගැහුවා... තිලා එහිදි දකුණේ භාෂාව පාවිච්චි කලා.... ඒ නිසා දැනුත් මතකයි ඉතින් ආයෙත් මතක් වුණේ අපේ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි රංගනය නිසා.... ඔහු ලස්සනට ඒ භාෂාව හසුරවල තිබුණා.. ඒ වගේම ළඟදි වචන ටිකක් දලාත් තිබුණ.. මෙන්න ඉන් ටිකක්.... හැබැයි සමහර ඒවා මෙහෙත් ඒ කාලේ ඉඳන් භාවිත වෙනවා....

ඇහැකි - පුළුවන්

මායම - තැවරී ඇති ස්වල්පය

තැරවෙනවා - ගෑවෙනවා

ඩිංගිත්ත - ස්වල්පය

හින්නික්කිතර - චුට්ටක්

හිච්චිකිතර - මදක්

හීන් - පොඩි / පුංචි

හිච්චි - මද, මධ්‍යම

මහවට - ලොකුවට

ඩිංගක් - ටිකක්

පොඩිත්ත - ⁣පොඞ්ඩක්

ඇහිරෙනවා - රැුස්වෙනවා

අනේ කවුද්දං - අනේ මන්ද

ඔහේ/ ඔයැයි - ඔයා

මෙයැයි - මෙයා

ඇතෙයි - ඇතිද

දෑවා - දැම්මා

පුංචෑයො - පොඩි ළමයි

මහගෙ - හාමිනේ

හින්නා - කුඩා කූඹියා

කඩියා - විශාල කූඹියා

අපදං කොරනවා - අපතේ හරිනවා

සොම්බක්වත් නෑ - චුට්ටක් වත් නෑ

මක්කයි - මොනවද

මක්කටෙයි - මොනවටද

මොටෝ? - මොකටද

මක්ක? - මොකක් ?

මක්කදේ එක -

”‍මෙව්ව එක”‍ වගේ අදහසක්

මහන්තත්තෙ - ආඩම්බර කම

පොළොත්ත - පොල් කටුව

යතුරු කටුව - හැට්ට කටුව

අඹවනවා - එළවනවා

වෑංජන - එළවළු කරි

වතු මොයිය- කෙසෙල් මුව

ජූල් - දිවුල් අයෙත් දවසක

සීනි කුරුල්ලා-කිඹුලා බනිස් තවත්.....

අද අපේ‍්‍රල් 19 ඉරිදාය .....

කොවිඞ් 19 නිසා අද 19 ගෙදර සිට ඊ පුවත්පත් මුද්‍රණය කර අදට මාසයක් පමණ සීමාවක එළියට ගිහින් පින්තූරයක් ගහල පත්තර ගහන එකෙත් මාර ආතල් එකක් තියෙන්නෙ..

අමාරුවෙන් ගිහින් පින්තූරයක් ගන්න එකේත් ආතල් එක දන්නෙ අපි විතරයි.. හෙට ඉඳල පුවත්පත් මුද්‍රණය කරන්න තීරණය කරලා.

හෙට මායියගේ ගෘහස්ථ හිංසනයට ලක්වුණ රැුකියාවෙ නියතවූවන් ආසාවෙන් ඉන්නේ

මායියලාගේ කොණ්ඩ සුදුවෙලා ඇහිබැමි වැවිල මූණවල් කළුවෙලා.. එයාල සැලූ‍න් අරිනකම් ආසාවෙන් ඉන්නෙ...

සැමියලා හෙට සුරාසල් අරිනකම් ආසාවෙන් ඉන්නෙ..

ඒ අයට එහෙත් ආසාවෙන් පැතූ සියල්ල වේදනාවෙන් කෙලවරවෙයිද දන්නෙ නෑ

අද අපේ‍්‍රල් 20 සඳුදාය ....

ආසවෙන් පැතූ සියල්ල වේදනාවෙන් කෙලවර විය...⁣ අහස උසට බලාපොරොත්තු දීලා කඩකලා...

ආයෙත් ඇදිරි නීතිය කල්ගියා...

සැමියන්ගේ ආසාවන් දියේ ඇඳි ඉරක්සේ මැකීගියා..

අද චන්ඩියා වුන සැමියා

ආයෙත් ගෙයි මුල්ලෙ ගියා

තිලාට නම් ඉතින් මායියගේ පදේට නට නටා හිටියා එක දිගටම...

අද අපේ‍්‍රල් 21 අඟහරුවාදාය .....

මේ ටිකේ බයිස්කෝප් බලලම එපා වෙලා.. ඊයේ බලපු එක අද වෙන නාලිකාවක. ඒක හෙට වෙන නාලිකාවක... අනිත් දවසේ අනිත් නාලිකාවක.. ඔය නාලිකා කරන උදවිය පෙන් ඩ‍්‍රයිව එකක් අරගෙන අපේ අරුණ ගුණරත්න හෝ උපාලි, රෝහිත හො වාසිත හමුවුණොත් මිනිස්සු බලපු නැති බයිස්කෝප් ටිකක් බලන්න පුළුවන් ....

එයාල සල්ලි ගන්න එකකුත් නෑ......


 

Add new comment