ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු රෝහලේ

අප්‍රේල් 23, 2020


  ලාංකික සිනමාවේ සටන් කලාවට නවමානයක් ගෙනා රංගනවේදියකු සටන් අධ්‍යක්ෂවරයෙක් වූ ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු පසුගියදා රෝගාතුරව කොළඹ මහා රෝහලට ඇතුළත් කරනු ලැබ ප‍්‍රතිකාර කරයි. රුහුණු කුමාරි චිත‍්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇලෙක්ස් හැත්තෑව දශකයේ සිංහල සිනමාව වඩාත් වර්ණවත් කිරීම සඳහා දායක වුණු නළුවන් අතර කැපී පෙනෙයි. විටෙක වීරයා මෙන්ම විටෙක දුෂ්ඨයා ද වූ ඇලෙක්ස් හාරලක්ෂේ , ඇගේ ආදර කථාව, ශ‍්‍රී මදාරා , සරදියෙල්ගේ පුතා, පස මිතුරෝ වැනි චිත‍්‍රපට වල දක්ෂ චරිතංග නළුවකු ලෙස කැපී පෙනිණ. කොටහේනේ උපන් ඇලෙක්සැන්ඩර් 1961 වසරේ දී පොදු රාජජ්‍ය මණ්ඩල මල්ලව පොර තරගාවලියේ රන් පදක්කම් ලාභියකු වූ අතර 1964 වසරේ ටෝකියෝ ඔලිම්පික් උලෙළ ද නියෝජනය කළේය. 1969 වසරේ සිට දිගු කලක්ම ඔහු අපරාජිත මල්ලව පොර ශූරයකු ලෙස නමක් දිනා සිටියේය.
  

Add new comment