බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය සිනමා තරුවක් වූ රිශි කපූර් මෙළොව හැර ගියේය

අප්‍රේල් 30, 2020

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය සිනමා තරුවක් වූ රිශි කපූර් අද මෙළොව හැර ගියේය.මිය යන විට ඔහු හැට හත් වැනි වියේ පසුවිය. රිෂි රාජ් කපූර් නමින් ඔහු උපත ලද ඔහු යොවුන් පරපුරේ ජනප්‍රිය නළු රන්බීර් කපූර් ගේ පියාණන්ය. අග්‍රගණ්‍ය සිනමාවේදි නළු රාජ් කපූර්ගේ බාල පුත්‍රයා ද රිෂිය. රිෂි මුල්වරට සිනමාවට පිවිසියේ රාජ් කපූර් අධ්‍යක්ෂනය කළ මේරා නාම් ජෝකර් චිත්‍රපටයේ රාජ් කපූර්ග්ම ළමා විය රඟපැමෙනි.පසුව රාජ් ගේ බොබී චිත්‍රපටය හරහා ඔහු සුපිරි නලුවකු විය. හැත්තෑව අනුව දශකයේ ඔහු රඟපෑ චිත්‍රපට වැඩි හරියක් මුදල් ආකර විය. ඔහු විවාහවූය් ඔහුගේ චිත්‍රපට දොළහක පෙම්වතිය වූ නීතු සිං සමගය. රිෂි ඉන්දියානු සිනමාවේ පුරෝගාමි නළුවකු වන ප්‍රිත්විරාජ් කපුර් ගේ මුණුබුරකු විය. ශෂී හා ෂම්මි කපූර් ඔහුගේ බාප්පා වන අතර පේම්නාත් .රාජේන්ද්‍රනාත් සොහොයුරන් මාමා වරු විය.ඔහුගේ සොහොයුරන් වූ රන්ධීර් හාරජිව් ද ජනප්‍රිය සිනමා නලුවන් වූ අතර කරීනා හා කරිෂ්මා සොහොයුරියන් රිෂිගේ ඥාති දියනියන් වූවාය. රිෂි ආබ් අතු ලෝතු චලේ චිතපටයෙක් අධ්‍යක්ෂවරයෙකු ද විය.ඔවුන් සතු ආර්.කේ.චිත්‍රාගාරය ද ගිය වසරේ ගින්නකින් විනාස විය.රිසි මිය ගියේ පිලිකා රෝගයෙනි.