තිලාගේ සරසවියේ ඩය-රියupdate ...

මැයි 7, 2020

පාලකයිනි  මේ අහන්න-
 
 සැමි තනතුර බේර දෙන්න 
 
 තිලාගෙන් ඉල්ලීමක්...

අද අපේ‍්‍රල් 29 බදාදා.....
 
 කොරෝනා කාලේ ලියවෙන මල් සින්දු වලින්...
 
 ඇගෙ සුදු මූණ සිපගන්න
 
 කොරෝනා මට ඉඩදෙන්න..
 
 ලං වෙලා ඉන්න කොහොමද සුදු ඔයා ළඟින්... මීටරක් දුර තියාන ඉතින්......
 
 මලක් තියල මම පැතුවා කොරෝනා තුරන් වෙලා ඔබ දකින්න ලැබේවා කියා......
 
 පෙරුම් පුරමු අපි මතු සංසරේ කොරෝනා නැති අපි හමුවෙන්න කියා....
 
 මුඛ ආවරණය අස්සෙන් ඔබ සිනාසුණා මතකයි.....
 
 ඔබෙ සිනා වෙනදා මෙන් දකින්න ආසයි......
 
 අප වෙන් කලේ අය අතරට කොහෙවත් නැති කොරෝනව... ශාප කරන්නම්...
 
 නිරෝධනයට යන බස් රියෙදි ඔබෙ අසින් කතා කල ඔබ කවුද ළඳේ
 
 නිරෝධනයට යන්නම් ඔබත් යනවානම්......
 
 ඔබේ ආදරය ලැබේ‍ නිරෝධනය වෙන්නම් ඔබ නමින්...
 
 ඇසින් කතා කරන්නම්
 
 හැඟීම් තේරුම් ගන්නම්
 
 කොවිඞ් සතුරා පරාජය කරන්නම්
 
 ආපේ ආදරේ ජයගන්නම්....
 
 ඔයාගෙ අවසන් මොහොතවත්
 
 දකින්න නුදුන් කොරෝනා..
 
 මම වාව ගන්නෙ කොහොමද දුක වෙරෝනා....
 
 අද අ⁣⁣ප්‍්‍ර‍ලේ 30 බ‍්‍රහස්පතින්දා .....
 
 එක් ටැම් ගේ බයිස්කෝප් එක බැලූ‍ව චරිත ටික තාම මතකයි
 
 තිලාට මතක් වුනේ විශාරද ගුණදාස කපුගේ ගයනා කරන උන්මාද සිතුවම්
 
 ගීතය අපි කෙතරම් වැළඳ ගත්තද කියනවනම් ඒ තිලා ගැටය කාලේ ආදර හසුන්වල උඩින් ලිව්වෙත් ....
 
 ”‍දහසක් මල් මැද..
 
 එකම මලයි පැතුවේ...”‍ ගීතයේ වචන....
 
 උන්මාද සිතුවම් මැවී බිඳේ
 
 මීදුම වලා මැද අතීතයේ
 
 බිඳුණු පෙමින් ගිණිගත් හදවත්
 
 තනිවේවි එක්ටැම්ගේ
 
 අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
 
 පාළු හුදකලා සුළඟ පමණි උරුමේ
 
 ගඬා වැටෙන සිත සදා සරණ මට
 
 තනිවේවි එක්ටැම්ගේ
 
 දහසක් මල් මැද එකම මලයි පැතුවේ
 
 එ මල කිමද සරදම් කර සැඟව ගියේ
 
 දැනේ තවම මට මලේ සුවඳ පොද
 
 තනිවේවි එක්ටැම්ගේ......
 
 මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙ රචනයක්...
 
 සංගීතය සරත් දසනායකයන්....
 
 අද මැයි 01 සිකුරාදා .......
 
 කොරෝනා නිසා වැඩකරන ජනතාව කම්කරු දිනයේ පෙලපාලි නෑ ......
 
 එහෙත් මායිය යටතේ වැඩකරන කම්කරු සැමියන්ගෙ සංගමය..
 
 ඔන්ලයින් උද්ඝෝෂණක් පැවත්වුවා ...
 
 කම්කරුවන් තම ප‍්‍රධානි මායියලා යටතේ අදත් වැඩ ....
 
 දියව් දියව් රස්සාවට යන්න දියව් ...
 
 මායියලාගෙන් කම්කරු සැමියා නිදහස් කර ගනිව්
 
 අපේ සටන සැමියන් මුදාගැනීමට එක්වව්‍
 
 සැමියා බිරිඳගේ දෙවියාය යනුවෙන් නැවත ස්ථාපිත කරනු...
 
 පාලකයනි මේ අහන්න සැමි තනතුර බේර දෙන්න..
 
 සැමියාට නිසි තැන ලබාදෙනු...
 
 අද මැයි 02 සෙනසුරාදා ...
 
 මේ දිනවල බොලිවුඩයේ මෙන්ම හෙළවුඩයේ දැවැන්තයින් මේ දිනවල අප අතරින් සමු ගත්තා. ඉස්සර කුඩා කාලයේ අයියලා සරදියෙල්ගෙ පුතා බලල ඉන්නෙ පපුව ඉස්සරහට දාගෙන ඒ ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු අනුකරණය කරමින්..
 
 තිලා තුෂාරා බයිස්කෝප් එකේ ගිය සතියේ ලියපු අපෙන් වෙන්වුනු සිනමා ශිල්පීන් ගොඩට එකතුවුණා....
 
 ඔබට නිවන්සුව...ඒ අතරේ බොලිවුඩයේ ප‍්‍රවීණ රංගන ශිල්පීන් වන රිෂී කපුර් හා ඉර්ෆාන් ඛාන් අප සමුගත්තා...
 
 අද මැයි 03 ඉරිදාය ...
 
 එකම කාසියක දෙපැත්තක් වගේ කතාවක් තිලා අහුලගත්ත.. ඒ අපේ සිනමා වීරයන් වන ගාමිණී ෆොන්සේකායන් හා විජය කුමරතුගයන් වුනයැයි කියන සිදුවීම් දෙකක්....
 
 මේ කතාව කියන්නෙ ෂූට්වල කෑම බෙදන කෙනෙක්ලූ‍
 
 එයා දවසක් විජය හිටපු ෂූට් එකක වැඩ
 
 ඔන්න විජය කුමාරතුංග කෑමට එනවා.
 
 ”‍මොනවද මල්ලි කන්න තියෙන්නෙ”‍
 
 විජය අහනවා.
 
 ”‍සර්ට බුරියානි”‍
 
 කෑම බෙදන කෙනා කියනවා.
 
 ”‍එතකොට අනිත් අයට...?”‍
 
 ඒ ගොල්ලොන්ට පානුයි පරිප්පුයි
 
 විජයට අවුල්.
 
 ”‍අනිත් උන් පානුයි පරිප්පුයි කද්දි මට බුරියානි කන්න බෑ මල්ලි... මටත් ගේන්න පානුයි පරිප්පුයි.......”‍
 
 තව දවසක් අපේ කොල්ලා ගාමිණි රගපාන බයිස්කෝප් එකක වැඩ...
 
 දැන් කෑම වෙලාව... ඔන්න ගාමිණි එනවා.
 
 ”‍මොනාද අයිසෙ කන්න තියෙන්නෙ?”‍
 
 ”‍සර්ට බුරියානි සර්.”‍
 
 ”‍එතකොට අනිත් අයට...?
 
 ”‍ඒ ගොල්ලොන්ට පානුයි පරිප්පුයි සර්.”‍
 
 ගාමිණි ටිකක් බලන් ඉඳල....
 
 ”‍විසි කරනවා අයිසෙ පානුයි පරිප්පුයි. ඔක්කොටම ගේනවා බුරියානි...?
 
 දෙන්නම හරි. ඒත් එකේ දාල තිබුනේ සමාජවාදයියි ධනවාදයයි කියල තිලට හිතුණෙ එකම කාසියේ දෙපැත්තක් වගේ.......
 
 සිද්දිය අහල තිබු...
 
 ඇත්තද නැත්තද දන්නැ මිතුරේ අහුලගත්ත කතා....
 
 අද මැයි 04 සඳුදාය ..
 
 යුද පෙරමුණේ හිටිය අපූරු චරිතයක්...
 
 එවකට ලූ‍තිනන් කර්නල් සුභාෂණ වැලිකල මානුෂික මෙහෙයුම අවසන් කාලයේ මුලතිව් පෙරමුණේ ඉතා විශාල කාර්ය භාරයක් කල මොහු අවසන්වු පසුවත් එහිම සිට මාතා චිත‍්‍රපටයෙ රංගනයෙන් තම හැකියාවන් ඉස්මතු කළය... පසුගිය කාලයේ ඔහු මේජර් ජෙනරාල් නිලයට උසස් වු වුයේ කැපවීමේ ප‍්‍රතිඵලයක් වශයෙනි... මේ වන විට ඔහු අසනීපව රෝහලේ බව වු ආරංචියෙ පසක් කරගන්නා තුරු සිටින අතර තිලාට මතක්වුයේ යුද පෙරමුණට යන හැම මොහොතකම ඉදිරි ආරක්ෂක වලල්ලෙදී හමුවන ඔහු සමුගන්නා සෑම මොහොතකම බුදුසරණයි මල්ලි පරිස්සමින් යන්න...
 
 ඉතින් ඔබටත් බුදු සරණයි ....
 
 ඉක්මන් සුවය....
 
 අද මැයි 05 අඟහරුවාදාය ...
 
 අද ගෙදර කිරිබතක් පිසුවා... අසුන්දර අමිහිරි සිදුවීම් සිදුවන කාලයේ කා⁣ලෙකින් හිතට සතුටු දිනයක්...
 
 ඒ තිලා සතියට දිනයක් පමනක් සේවයට යමින් පුවත්පතේ වැඩ ගෙදරට වී කරන අතරේ නිරෝධන වන අතරේ සිය පියාගේ සුපරුදු ගොවිකම හිතට අරන් පටන්ගත් කුඹුර අද වැපුරුවා ....
 
 කොළඹට නුදුරු සොඳුරු ගම්මානක්වු තලවතුගොඩ කුඹුරු යායේ නිරෝධන -අඳිරි නීතිය පටන් ගත් දිනවල සිට තිලා නිශාන්ත හා නාලක කල් ගෙව්වේ කුඹුරේය. වියදම් කර කුඹුරු අස්වද්දන පටන් ගත්තේය. ..
 
 අද වැපුරු නිසා එහි සතුටින් හිත පිරින....
 
 නැවතත් තිලාට පියා සොයා දුන් කොරෝනාට ස්තුති කරන්නත් හිතුණා ...
 
 ලබන සතියේ එහි නිල්ල ගැන ලියන්නට පුලූ‍වනි...