තිලාගේ සරසවියේ ඩය-රියupdate ...

මැයි 14, 2020


 අද මැයි 06 බදාදාය.....
 
 සැමියන්ගේ සංගමයෙන් විශේෂ ඉල්ලිමක්........
 
 පඩි බාගේ ඉල්ලිම ඉවත් කර ගැනීමේ අයාචනය.....
 
 පිළිවෙළින්
 
 පසුගිය කාලයේ සැමියන් මුලූ‍ වැටුපම සිය මායියාට පරිත්‍යාග කරපු සැමියන්ගෙ ගෞරවය වෙනුවෙන් ......
 
 වැටුප මායියගේ අතට පත්වු පසු බාගයක් නොව රුපියල් සියක් පනහක් ගැනිමට පවා විශේෂ අවසරයක් ගත යුතුව ඇත.
 
 පසුගිය කාලයේ නිවසේ සිටි සැමියන්ගේ අන්තිම
 
 ඉතුරුවෙලා තිබුණු ලැජ්ජාව වහගෙන සිටියේ වැටුපෙනි
 
 මෙවර වැටුපට අදාල ආනෙක් ගෙවීම් අඩුවු විට ඒවට හේතු දැක්වීමට පවා සැමියන්ට සිදුවිය..
 
 තවත් අඩුවුවහොත් සැමියන්ගේ සංගමයට මෙන්ම සියලූ‍ සැමියන්ට නිරොධන මධ්‍යස්ථානයවෙත යාමට සිදුවිය හැකිය....
 
 ඒ නිසා සැමියන්ගේ ගෞරවය සලසා දෙන මෙන් ඉල්ලලා සිටිනනෙමු ...
 
 සැමියන්ගේ සංගමය..
 
 අද මැයි 07 බ‍්‍රහස්පතින්දාය..
 
 අද වෙසක් පෝය දිනයයි...
 
 මෙවර වෙසක් නම් ඇත්තටම සුන්දරයි ලස්සනයි. අහිංසකයි..
 
 තමන්ට පුලවන් විදිහට කූඩුවක් හදගෙන පහනක් පත්තුකරගෙන ගෙදර සැමරුවා...
 
 විකර නැති, දන්සල් නැති, සද්ද නැති, ඕප ¥ප නැති, බිස්නස් නැති, ඔලූ‍ බක්කො නැති, එක අවුලක් තිබුණේ පන්සල් යැම නොහැකිවී පමනි...
 
 වැඩිපුර වෙසක් කූඩු නැරබීමට හැකිවුයේ මුහුණු පොතෙන් එක එක තාලේට ගෙදර වටිනා බඩු. වාහන එක්කම වෙසක් කූඩු දාල තිබුණ ..
 
 තිලාටත් හිතුණ බෙන්ස් එකක් හරි, බී.එම් ඩබ්ලිව් එකක් හරි ගේ ගාව නවත්තලා වෙසක් කූඩු පින්තූරයක් දාන්න......
 
 අද මැයි 08 සිකුරාදාය ......

 
 පහුගිය ටිකේ ආදායම අඩුවු නිසා තිලා කල්පනා කලා කුමක් හො අමතර ආදායම් මාර්ගයක් තිබුණොත් හොඳයි කියල...
 
 ලඟදි රැුකියාවලට යන නිසා .ඉතින් මැත කාලේ හොඳම බිස්නස් එක මුඛ ආවරණ විකිණීම. හැමෝම කරන නිසා තිලා හිතුව ටිකක් වෙනස් විදිහකට..
 
 රජයේ රැුකියාවලට යන අයට රාජ්‍ය ලාංඡුනය සහිත මුඛ ආවරණ..
 
 පෞද්ගලික ආ⁣යතන වලට එම අදාල ලාංඡුනය සහිතව ඇණවුම් බාරගනීම
 
 වැඩ කරන දින 5 සඳහා පාට පහකින් හා ආගමික ස්ථාන සඳහා අදාල පාටින්..
 
 ආදරය කරන්නන් සඳහා රොම්යෝ ජූලියට් හා ජැක් සහ රෝස් වැනි තමන් කැමති ආදර යුවලක් මුද්‍රණය කර දියහැක...
 
 තමන් ප‍්‍රිය කරන නළුවා- නිළිය, ගායන ශිල්පී ශිල්පිනියන්, දේශපාලනය කරන්නන්. ඡුායාරූප මුද්‍රණය කලහැක...
 
 දුම් බොන්නන් සඳහා වැසියහැකි සිදුරක් සහිත ආවරණය සාදා දිමට හැකිය.
 
 ⁣හොර රහසේ හමුවන පෙම් කරන්නන් හට ඇ ස් පමනක් පෙනෙනසේ ආවරණය සැදිය හැක....
 
 මධ්‍යසාරවේදින් සඳහා ගඳ පිට නොවනසේ ඝනකමට සාදා දිය හැක....
 
 බුලත්විට කන අයට හැර ඕනෑම ක‍්‍රමයකට සාදා ගැනීමට හැකිය..
 
 තොග වෙළදාම් කරුවන් හා ආයතන සඳහා විශේෂ වට්ටම් .....
 
 අද මැයි 09 සෙනසුරාදාය ..

 
 මේ දිනවල කොයි නාලිකාව බැලූ‍වත් බයිස්කෝප් අද රැු සිරි මැදුර බයිස්කෝප් එක බැලූ‍වා; පරාක‍්‍රම නිරිඇල්ල එකල තරුණ පරපුරේ නිර්මාණයකරුවෙක් නිසා අපි උනන්දුවෙන් බැලූ‍ව රවි මාලනි, ලකී,අනෝජා රංගනය මාරයි......
 
 එකල සරසවි සම්‍මාන උළෙලේ හොඳම නළුවා සම්මානය රවී අයියගේ රංගනයට හිමිවුනා.....නිළිය අනෝජා අක්කා.හොඳම ගීතයටත් ස්ම්මාන ලැබුණා.
 
 එහි ගීතයෙත් කතා ගොඩක් තියනවා පසුව ලියන්නම වෙනවා...
 
 මරණ තුනක් ඇති මිනිසා
 
 බලා සිටී
 
 නිරුවත් දෑසින්
 
 බලන්න කන්‍යාවී
 
 ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී
 
 පයෝධර තුඩු ඉකිබිඳිද්දී
 
 සංත‍්‍රාසයෙන්
 
 අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්
 
 වයන්න වීණා
 
 කන්‍යාවී
 
 නියඟලා මල් පාට දේදුණු
 
 දෙබෑ කර එන ගිරා පොව්වන්
 
 පියුම් කැකුළක් තුඩින් පාරා
 
 බලෙන් පුබුදන
 
 හංසයා
 
 බලන්න නිරුවත් දෑසින්
 
 ඔකඳ වී රිද්මයෙන්
 
 රසා තලය කළඑළි ගන්වා
 
 වයන්න වීණා
 
 කන්‍යාවී
 
 මිනිසා
 
 මරණ තුනක් ඇති මිනිසා
 
 බලා සිටී
 
 නිරුවත් දෑසින්
 
 බලන්න කන්‍යාවී
 
 ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී
 
 පයෝධර තුඩු ඉකිබිඳිද්දී
 
 සංත‍්‍රාසයෙන්
 
 අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්
 
 වයන්න වීණා
 
 කන්‍යාවී....
 
 ගායනය - අමරසිරි පීරිස්
 
 පද රචනය - ලූෂන් බුලත්සිංහල
 
 තනුව -
 
 ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස
 
 හොදම නිෂ්පාදක හැටියට සරසවිය සම්මාන දිනුවේ වත්මන් විෂය භාර ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන
 
 අද මැයි 10 ඉරිදාය ..
 
 අද හැමෝම අම්ම මතක්කරන. අම්මට ගරු කරන දිනයක් අම්මා වරුන්ගේ දිනය.. සමහරු මදර්ස් ඬේ කියලත් කියනවා...
 
 අද අම්මා ගෙදරින් එලවපු මිනිස්සු පාරේයන අම්ම කෙනෙකුට අඬගහල කැමදෙන දවසක්...
 
 මහලූ‍ මවට තඩිබාන ¥රු පුත්තු සමාජය ඉදිරියේ කඳුළු සලන දවසක්....
 
 බඩදරු අම්මාට බස්එකේද අහක බලාගන්න මහත්වරු මට මගේ අම්මා මතක්වුනා කියක දවසක්....
 
 ගමේ ඉඳල ඇවිත් කොළඹ ලෝකු තනතුර දරන කෙනා අම්මා අප්ප හදල විකුනනලා තමයි මට ඉගැන්නුවෙ පංපෝරි ගහන අම්මව බලන්නවත් දවසක්....
 
 ජිවත්ව ඉන්නකොට සැලකුවෙ නැතුව..අද අම්මලාට කැම පාර්සල් දෙන දවසක්.......
 
 හැමදාම බල්ලට වෙලාවට කැම බෙත් දි අද පමනක් අම්මගෙන් කැවද බේත් බිව්‍වද අහන දවසක්.....
 
 හොඳටම බීලා ...මං එනතුරු ඉඳිකඩ ලඟ ඉන්නවාද කියල සින්දු කියන දවසක්.......
 
 අපේ මව්වරුන්ට දිනයක් ආදය කරන්න සලකන්න දිනයක් මොකටද ......
 
 අද මැයි 11 සදුදාය....
 
 කුරුල්ල මිටෙන් අත්හැරිය වගේ කියල කතාවක් තියනවනෙ.ඒක අද සනාත වුනා පාර දිහා බලන කොට ..
 
 ගෙවල් වලට හිර වෙලා හිටපු
 
 මායියලා -සැමියලා,
 
 පෙම්වතුන් -පෙම්වතියන්
 
 මායියගේ -සැමියගේ ග‍්‍රහනයට හසුවුවන්...
 
 නැන්දම්මා සමග වාද වු ලේලියන්...
 
 රථගාය තිබුණ රථහිමියන්.
 
 ඔක්කොම එලියට බැහැල..
 
 කාර් රේස් පැදපු බයික් රේස් පැදපු අයත් ඔය අතර හිටිය...
 
 කාලෙකින් වහනේ හොන් එක ගහන්න බැරිවුන අයත් හිටිය....
 
 සැලූ‍න් ඇරලා...
 
 ගෙයි මුල්ලේ සිටි කාන්තාවන් එලියට...
 
 සැලූ‍න් ඇරියටවැඩක් නැ කාන්තායන් ලස්සනට පේන්න බාරුත් ඇරිය යුතුයි ..මධ්‍යසාර ව්‍ෙදින්..
 
 අද මැයි 12 අඟහරුවාදාය..
 
 තිලා ලේක්හවුස් එකට යනවිටත් ප‍්‍රවීණ ඡුායාරූප ශිල්පියෙක් හිටිය බන්දුල විජේසුරේන්ද්‍ර ඉස්සර සරසවියට පින්තූර ගත්තෙ බන්දුල ..
 
 ඔහු තිස්ස
 
 විජේසුරේන්ද්‍රගෙ මල්ලි..
 
 තිස්ස විජේසුරේන්ද්‍ර තිලා පොඩි හිටිය කාලේ සිංහල සිනමාවේ වීරයෝ අසුරු කරන්න නොමැකි වුවත් ඔහු නිතරම අයිය ගැන විස්තර කරනවා.
 
 තිලා පුංචි කාලේ විරයා නිසා කැමැත්තෙන් හාර අවුස්සලා අහනවා..
 
 ඔහුව ලඟින් අසුරු කරපු ප‍්‍රවීණ ජායාරූප ශිල්පී නිහාල් අතුලත්මුදලි තිස්සගේ පරණ කතා රසවත් කර කර කියනවා..
 
 තිස්ස විජේසුරේන්ද්‍ර රංගනයෙන් දායකවු බයිස්කෝප් අතර ලස්සන කෙල්ල , සුරේඛා , ළසදා සුදු පරවියො , නෙලූ‍ම් සහ සමන්මලි අපි පොලිම් වල ගිහින් නැරබු හැටිමතකයි....
 
 ....ඔබට නිවන් සුව.....