ආනෝල්ඩ් ස්වාසෙනෙගර් වසංගත කාර්ය සාධක බලකායට

මැයි 14, 2020

ප්‍රවීණ රංගන ශිල්පි, හිටපු ආණ්ඩුකාර ආනෝල්ඩ් ස්වාසෙනෙගර් ඇතුලු තවත් හොලිවුඩ් තරු කිහිපයක් කොරෝනා මර්ධන මෙහෙයුමකට සම්බන්ධ වෙලා. කැලිෆෝනියාවේ ආණ්ඩුකාර ගැවින් නිව්සම්ගේ ආරාධනාවකට අනුව මේ තරුවලට අමතරව ඩිස්නි සමාගමේ සභාපති බොබ් ඉගර්, ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ටිම් කුක් ද මේ පිරිසට ඇතුළත්. කැලිෆෝනියාව අමෙරිකා එක්සත් ජනපදයේ වැඩිම ජනගහණයක් (මිලියන 39.5) වෙසෙන ප්‍රාන්තය වේ. මේ වන විට එම ජනපදයේ කොරෝනා ආසාධියන් සංඛ්‍යාව 60,000 ඉක්මවා ඇති අතර මරණයට පත් වී ඇති සංඛ්‍යාව 2,462ක්. කොරෝනා වසංගතය හේතුවෙන් මෙම ප්‍රාන්තයේ මිලියන 2.7ක පිරිසකට සිය රැකියාඅහිමි වී ඇති බවද කියවේ.