සූපවේදිනි සෙලීනා

මැයි 14, 2020

හොලිවුඩයේ ජනප්‍රිය ගායිකාවක මෙන්ම නිළියක වන සෙලීනා ගෝමස් ඔබ වෙත ඉවුම් පිහුම් වැඩසටහනක් ගෙන ඒමට සූදානමින් සිටී.ඉවුම් පිහුම් වැඩසටහන කොටස් 10 කින් යුතු අතර සෑම වැඩසටහනකටම ඇය දුරස්ථව වෙනත් ප්‍රධාන සූපවේදියෙකු සමඟ සම්බන්ධ වේ. වෝනර් මීඩියා එන්ටර්ටේන්මන්ට් විසින් මෙහෙයවන නවතම අන්තර්ජාල වීඩියෝ ග්‍රහක සේවාව'HBO Max' ඔස්සේ මැයි වැනිදා සිට මෙම වැඩසටහන අන්තර්ජාලයට මුදාහැරිමට නියමිතයි.

මම හැම වෙලාවකම ආහාර කෙරෙහි මගේ ඇල්ම කතා කරන්න කැමැතියි. කවුරුන් හෝ මං කැමැති වෙනත් වෘත්තියක් ගැන අසන්නේ නම් මගේ පිළිතුර සූපවේදියකු වීම යන්නයි. එය මට විනෝදයක්. ඇත්තටම මට මේ ගැන විධිමත් පුහුණුවක් නම් නැහැ. ඔබ සේම මමත් නිවසේ සිටියදී අලුත් කෑම අත්හදා බලන්න කැමැතියි. මම එය නිරන්තරයෙන් සිදු කරන්නක් සෙලීනා පවසනවා.