පූර්ව නිරෝධායන ජීවන රටාව

මැයි 14, 2020

සිය 32 වැනි උපන්දිනය දා ජනප්‍රිය ගායිකා ඇඩ්ලේ විසින් පළ කළ ඡායාරුපයක් ඇයගේ රසික රසිකාවන් පුදුමයට පත්කර තිබෙනවා. ඇඩ්ලේ අනෙකුත් ගායිකාවන් මෙන් නොව තරමක් තරබාරු තරුවක්. කිසි දිනෙක තම පෙනුම කෙරෙහි වද නොවූ ඇය සොඳුරු නිර්මාණ රසික රසිකාවන් වෙනුවෙන් තිළිණ කළා. මාස පහකට පමණ පෙර පසුගිය දෙසැම්බර් මාසයේ ඇය විසින් පළ කළ ඡායාරූපවල ඇයගේ සාමාන්‍ය තරබාරු පෙනුම තිබුණ ද මැයි 05 වැනිදා සිය ඉන්ස්ටග්‍රම් ගිණුමට එක් කළ ඡායාරූපයෙන් දකින්නට ලැබුණේ ඉතා සිහින් සිරුරකින් යුතු ඇය යි. කළු පැහැති කුඩා ඇඳුමකින් සැරසුණු ඇයගේ ඡායාරූපය දුටු බොහෝ දෙනා සුබ පැතුම් එක් කරමින් විමසා සිටින්නේ බර අඩු කර ගැනීමේ රහස කුමක්ද යන්නයි. ඇය බොහෝ වෙහෙස මහන්සි වී අධිෂ්ඨානශීලිව සිය ජීවන රටාව මුළුමනින්ම වෙනස් කර ඇත. මීට පෙර ඇයට කිසි දිනෙක ජීවිතයේ යහපත් බවක් දැනී නොමැති බවද වරෙක පැවසුවාය. ඇඩ්ලේ පවසන්නේ මෙය තමාගේ පූර්ව නිරෝධායන ජීවන රටාව බවයි. පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ඇයගේ දික්කසාදය සිදු වූ අතර මේ දිනවල නවතම නිර්මාණ වෙනුවෙන් සිය කාලය වෙන් කර තිබේ.