නිශාන්ත ද අල්විස් සමුගනී

මැයි 21, 2020

 අසූව දශකයේ සිංහල සිනමාවේ කැපී පෙනෙණ සිනමාකරුවකු වූ නිශාන්ත ද අල්විස් අඟහරුවාදා එනම් 19 වැනි දින අභාවප‍්‍රාප්ත විය. ඩොරින්ගේ සයනය චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසි නිශාන්ත පසුව පොඩි විජේ, දොලොස් මහේ පහන, අඹු සැමියෝ, නගරං, බඹර සැණකෙළි, පේ‍්‍රමවන්තයෝ, සහ රෝසමල් සයනය යන චිත‍්‍රපට නිර්මාණය කළේය.
 
 පහන් තරුව, බඹර අසපුව, බඹා කෙටූ හැටි, වෙද හාමුදුරුවෝ, දිය බුබුල, සුද්දිලාගේ කථාව ඔහු තැනූ ටෙලි නිර්මාණ අතර වෙයි.
 
 නිශාන්ත මිය යන විට 72 හැවිරිදි වියේ පසුවිය. ඔහුගේ අවසන් කටයුතුඊයේ එනම් මැයි මස විසි වැනි දින කොහුවල සුසාන භූමියේ දී සිදු කෙරිණ. දියනියන් දෙදෙනෙක් හා පුතෙකු ගේ පියානන් වූ නිශාන්ත කලක් තුරු සෙවන නමින් සිනමා රංග පාසැලක් පවත්වා ගෙන ගිය අතර එමගින් දක්ෂතා ඇති බොහෝ පිරිසකට අත හිත ලැබිණ.