Action Ready කොන්දේසි සහිතයි

මැයි 21, 2020

  කොවිඞ් 19 වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන් අකර්මන්‍ය වූ සිනමා හා ටෙලි නාට්‍ය කේෂත‍්‍රයේ වැඩ කටයතු නැවත ආරම්භ කිරීමට පසුගිය 19 වැනි දා සිට අනුමැතිය ලැබිණ. සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමෝපායන් භාවිත කරමින් මෙම කටයුතු ආරම්භ කිරීමට අදාළව උසස් අධ්‍යාපන,තාක්ෂණ , නවෝත්පාදන සහ තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ එම අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා විසින් සෞඛ්‍ය සහ දේශිය වෛද්‍ය අමාත්‍යාංශය සමග කරන ලද සාකච්ඡුාවක පියවරක් ලෙස මෙම අනුමැතිය හිමි ව තිබිණ. වෛරසය රට තුළ ව්‍යාප්තවීමේ තත්වය තුළ සිනමා හා ටෙලි නාට්‍ය කටයතු සම්පූර්ණයෙන් අඩාල වූ අතර ඒ නිසා එහි නියැලෙන්නන් සියලූ‍ දෙනාට දැඩි අපහසුතාවයට මුහුණ දීමට සිදුවිය.මේ වන විට සෞඛ්‍ය උපදෙස් මත රට තුළ දෛනික කාර්යන් ක‍්‍රමානුකූලව යථාවත් කිරීමට කටයතු කරද්දී සිනමා හා ටෙලි කර්මාන්තයේ ද කටයුතු ආරම්භ කිරීමේ අවශ්‍යතාව කෙරෙහි රජයේ අවධානය යොමුවිණ.
 
 ඒ අනව සිනමා හා ටෙලි නාට්‍ය කර්මාන්තයේ කටයුතු නැවත ආරම්භ කිරිමේ දී පිළිපැදිය යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත. එම කර්මාන්තයට අයත් පූර්ව නිෂ්පාදන, රූ ගත කිරීම් හා පසු නිෂ්පාදන අංශයන්ගේ සියලූ‍ අංශ ආවරණය පරිදි වේෂ නිරූපණ, සංස්කරණ මෙන්ම ආහාර පාන හා ප‍්‍රවාහන පහසුකම් සැපයීම ආදී එක් එක් කෙෂත‍්‍රයන්හි දී මෙන්ම පොදුවේ අනුගමනය කළ යුතු ක‍්‍රමවේදයන්ගෙන් මෙම මාර්ගෝපදේශ සමන්විත වේ.
 
 ඒ අනව එම කර්මාන්තයට අදාළ කාර්යයන් නැවත ආරම්භ කරන්නේ නම් සෑම විටම මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව වඩාත් වගකීම් සහගතව කටයුතු කරන මෙන් අදාළ ක්ෂෙත‍්‍රයන්හි නියැළෙන්නන්ට උපදෙස් දී ඇත.