ආරක්ෂාව සොයා

මැයි 21, 2020

ඉන්දීය සම්භවයක් සහිත කැනේඩියානු ජාතික සනී ලියොන් බොලිවුඩයේ වැඩි වශයෙන් කතාබහට ලක් වී සිටින නිළියක්. සරාගී බොලිවුඞ් නිළියක ලෙස ප‍‍්‍රසිද්ධියට පත් වී සිටියත් මීට පෙර ඇය ලොව කාගේත් අවධානය දිනා ගත්තේ නිල් චිත‍‍්‍රපට සුරූපිනියක ලෙසිනි. බොලිවුඩයට පැමිධෑමට පෙර ඇය ජීවත් වුණේ අමෙරිකා එක්සත් ජනපදයේයි. 2012 වසරේ සිට සැමියා ඩැනියෙල් වෙබර් සමඟින් ඇයගේ පදිංචිය වූයේ මුම්බායයි. මේ වන විට ඇය දරුවන් තිදෙනෙකුගේ මවක්.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් සනී ලියොන් සහ ඩැනියෙල් දරුවන් සමඟ නැවතත් අමෙරිකාව වෙත පිටත්ව ගිහින්. මේ බව ඇය පැවසුයේ පසුගිය 10 වැනිදාට යෙදි තිබූ ලෝක මව්වරුන්ගේ දිනයේදීයි. ජීවිතයේ ඔබට දරුවන් සිටින විට ඔබේම ප‍්‍රමුඛතාවනට හිමිවන්නේ දෙවැනි ස්ථානයයි. කොරෝනා වෛරසයෙන් බේරී සිටීමට අපේ දරුවන් ආරක්ෂිත යැයි හැඟු‍ණු තැනට  රැගෙන යාමට අවස්ථාව ලැබුණා. ලොස් ඇන්ජලීස්හි නිවස සහ උද්‍යානය අපේ දරුවන්ට ආරක්ෂිත තැනක්. මගේ අම්මාට අවශ්‍ය වූයේත් එයයි. අම්මේ ඔයා නැතුව පාළුයි. සුභ මව්වරුන්ගේ දිනයක්!”‍ ඇය තම දරුවන් වන නිෂා, නෝවා සහ ඈෂර්ගේ පින්තූරයක් සමඟ ඉන්ස්ටග‍්‍රම් සටහනක් තැබුවාය.