ලොක්ඩවුන් විත් ද ජොහාර්ස්

මැයි 21, 2020

කොරෝනා වෛරසය හේතුවෙන් ඉන්දියාව වසා දැමීම ආරම්භ වූ දා සිට කරන් ජොහාර් තම රසික රසිකාවක් වෙනුවෙන් ඔහුගේ කුඩා නිවුන් දරුවන් වන යෂ් සහ රූහිගේ අලංකාර වීඩියෝ පට අන්තර්ජාලයට එක් කරනු දකින්නට ලැබුණි. ඒ වෙනුවෙන් ඔහු මුම්බායිහි තම නිවෙසේ විවිධ ස්ථාන යොදා ගත් අතර ඇතැම් වීඩියෝ නිර්මාණ වෙනුවෙන් කරන්ගේ මව හිරු ජොහාර් ද එක්ව සිටියා. කරන් මෙම වීඩියෝ එකතුව නම් කර තිබෙන්නේ ලොක්ඩවුන් විත් ද ජොහාර්ස් යනුවෙනි. ඔවුන්ගේ නවතම වීඩියෝව ආරම්භ වන්නේ රූහි  ගීතයක් වාදනය කිරීමට උත්සාහ කිරීමෙනි. එවිට කරන් එය ගායනා කිරීමට රූහි ගෙන් ඉල්ලීමක් කළ ද ඇය පවසන්නේ, ඔහුගේ ගායනය තම හිසට වේදනාවක් ගෙන දෙන බවයි. කරන් තවත් ගීතයක් ගායනා කරන විට දී පුතු යෂ් ද එකතු වී ”‍මගේ හිස කැක්කුමයි”‍ යනුවෙන් පවසන්නේ සැවොම සිනහ ගන්වමිනි.