තිලාගේ සරසවියේ ඩය-රියupdate ...

ඩයරියට සති සියයයි
ජුනි 4, 2020


 
 තිලාගේ ඩය-රියUpdate එකට සති සියයයි (100)මෙලෝ රහක් අති - නැති. ⁣අගේ කළ - නොකළ ඩය-රියUpdate එකට දින හත්සීයයයි.......
 
 තිලා දිරිමත් කල සැමට ස්තුතියි කරන්න වචන මදි......

 
 අද මැයි 27 බදාදාය .....
 
 තිලාගේ නම තිලක් වුවත්........
 
 කාලයක සිට තිලා යනුවෙන්ම ඇමතුවන් වෙනුවෙන්..
 
 තිලා විසින් අද දිනය වෙන්කරන ලදි.....
 
 අද මැයි 28 බ‍්‍රහස්පතින්දාය.....
 
 අද වන විට පාරේ වාහන තද බදය වැඩියි. සිර කරුවන් නිදහස් කලා වගේ ආයතන වලින් සේවයට එමට නම් නොකලත. තම වාහයෙන්ම මිනිස්සු එලියට බැහැල..⁣කාලෙකින් තම වාහනයේ හෝන් එක ගහන්න බැරිවුනු අය හිතේ හැටියට සද්දෙ දානවා. කාලෙකින් මල් කඩපු නැති අය අත් දෙකෙන්ම නිදහසෙ තම වාහනයේම මල් කඩනවා. මමද්‍යසාරවේදියො නවය වෙනකොට සුරාසැල ඉදිරියේ ...හැබැයි ඉතින් කාන්තාවන් නම් අඩුයි. සැලූ‍න් වහලනේ තාම වහලනේ.....
 
 අද මැයි 29 සිකුරාදාය ....
 

 මේ දිනවල හාල් ගැන නොයෙක් කතා අහෙනවා.
 
 හාල් ගනන්ලූ‍ අඩුලූ‍
 
 හාල් මාපියාවක්ලූ‍.
 
 හාල් පාතාලයලූ‍.
 
 හාල් හංගාගෙනලූ‍
 
 ඒත් තිලා බැලූ‍වෙ හාල් ගැන වෙනත් යමක් කියන්න...
 
 අපි දැන් ගොඩක් දුරට කන්නෙ රට හාල්නෙ. ඒවා අපිට පුරුදු වුනානේ - කළානේ ...
 
 අපිට තිබුණු තමත් තියෙන කන්න අකමති ලෙඩ වුනාට පස්සෙ මතක්වෙන. දේශිය සහල් ගැන නම් වශයෙන් කියන්නට ..
 
 මහා රත්දැල්, සුවදැල්, සුදු හීනැටි, කුරුලූ‍ තුඩ,පච්ච පෙරුමාල්, කලූ‍ හීනැටි, හැංගිමුත්තන්, හිච්චි නගා, සුදු දික් වී,කළු,ගොඩ හීනැටි සංසුන්, උණකොල සම්බා, කුමාර, හැටදා, අසූ දා, මහ වී, මා වී,මඩතවාලූ‍, කහවනු, ඇල්වී, අත්දැල්, කහමාල වී, මසුරං, හොඬරවාරු, පොක්කාලි, ගෝනබරු වී, බටහෙලැල්, සුදු කුරු වී, කිරිමුරුංග වී, හේරත් බණ්ඩා වී, රංතැඹිලි හැල්, රත්කරහාල්, රත්තාර වී, සුදු මඩසල්, කළු හෙල ඇල් වී, තවත් තියෙනනවා අයෙ ලියන්නම වෙනව
 
 අද මැයි 30 සෙනසුරාදාය ....
 
 මලගෙවල්වල කුලියට අඬන්න යනව කියල කතාවක් ඉස්සර අපි අහල තිබුණ ..
 
 ඒ තිලා⁣ගේ හිතවතෙක් ඒවගේ කිව්ව විඩියෝවක් අන්තර්ජාලයේ සැරිසරනා බව. මේ දිනවල තියෙන ප‍්‍රසිද්ධ මලගෙදරකට අඬන්න පුරුදු කරන එකක්ලූ‍..
 
 තිලාට මතක් වුනේ පරණ අහල තිබුණ කතාව යමක් කමක් තියෙන මිනිස්සු ගෙවල්වල කවුරු හරි මරණයට පත්වුණාම ඒ අය මැරුණ පුද්ගලයාට ⁣තියෙන ගෞරවය හා ආදරය සහභාගි වන අයට පෙන්වීමට එවැනි කුලියට අඬන කණ්ඩායම් සිටින බව අපි පාසල් සමයෙ අහල තිබණ...
 
 ඒ විඩියොවත් එක්ක තිලා කල්පනා කලේ අමතර ආදායම් මාර්ගයක් ලෙස වැඬේ පටන් ගන්න අඬන ගායක ගායිකාවො ඉන්න රටක කට්ටිය හොයාගන්න අවලක් වෙනඑකක් නැ...
 
 තිලාට රොද තුනේ රියදුරෙක් කියපු කතාවක් මතක් වුනා ...ඉස්සර ජොතිලගෙ මිල්ටන්ලගෙ ගීත අහුවම අපිට ඇඩෙනවා. එයාල ඒතරම් සංවේදීව ගයනා කාලා.. දැන් ගායකයො අඬනවා අපිට හිනා යනව
 
 අද මැයි 31 ඉරිදාය ..
 

 එපා වෙන තරමටම බයිස්කෝප් බලල ඉන්න කොට දෙපාර තුන්පාර බලපු බයිස්කෝප් වන කැඩපතක ඡුායා. සහ හෝ ගනා පොකුණ වගේ බයිස්කෝප් නාලිකාවල ආයෙත් පෙන්නනකාට ⁣.......
 
 අපිත් මෙන්න ආයෙත් බලනවා...
 
 අවුල තියෙන්නේ කියන්න ඉස්සර වෙලා විස්තර කියන කොට අන්තිමට විජයට අසිඞ් ගහනවා...
 
 විජය හොඳම රංගන ශිල්පියා වුනේ නැතිවුනාට පස්සෙ...ඔය වගේ විස්තර
 
 පොර වගේ කියන කොට බලන අයට මල පනිනවා ඒත් තිලා කියනවා ..නැත්නම් පොරක් වෙන්නෙ කොහොමද..
 
 අද ජුනි 01 සඳුදාය ....
 
 අද හුඟක් ළමයින්ගේ කටෙ තියෙන්නෙම ....
 
 හෝ ගාන පොකුණේ.....මම එනවා...
 
 දවස් දෙකකට හෝ ගාන පොකුණ බයිස්කෝප් එක පෙන්නලා..
 
 කොච්චර බැලූවත් පොඩිහිටියන්ටත් වැඩිහිටියන්ටත් එපා වෙන්නෙ නැති බයිස්කෝප් එකක්. මනෝ අයියට ජාත්‍යන්තර සම්මානයක් හම්බ වෙන්න ඡුායාරූපයක් ගන්න පෙනී සිටින දර්ශනයම ඇති.....
 
 පොඩිහිටියන් වෙනුවෙන් වචන ලියා තබමි ..
 
 හෝ ගානා පොකුණේ //
 
 මම එනවා අපි එනවා ///
 
 හෝ ගානා පොකුණේ ..
 
 ඉස්සර දවසක ඔයා හොයා ගිය
 
 මගෙ හිත ආපහු ගෙදර ගෙනියන්න
 
 ලෝකෙ ලස්සනම රොකට් යානයක
 
 මම එනවා අපි එනවා
 
 හෝ ගානා පොකුණේ....
 
 හිත බෑ කිව්වොත් මමත් නවතින්න
 
 අමතර ඇඳුමක් මල්ලෙ දමාගෙන
 
 කැවුම් ද කිරිබත් කදමළු බැඳගෙන
 
 මම එනවා අපි එනවා
 
 හෝ ගානා පොකුණේ..
 
 රොකට් එකට මහන්සි නම් කියන්න
 
 කරේ තියං අපි යන්නම් ඔයාව
 
 රොකට් එකට තෙල් මදි නම් දුවන්න
 
 අපි දෙන්නම් තෙල් ටැංකිය පිරෙන්න...
 
 හෝ ගානා පොකුණේ...
 
 කවදාවත් මුහුද නොදැකපු අයටයි
 
 මේ ඇරයුම හීන දකින හැමටයි
 
 රොකට් එකේ තව ඉඩකඩ බොහොමයි
 
 එන්න යන්න මුහුද අපේ ළඟමයි
 
 හෝ ගානා පොකුණේ //
 
 මම එනවා අපි එනවා ///
 
 හෝ ගානා පොකුණේ...
 
 ඉන්දික ප‍්‍රර්ඩිනෑන්ඩුගේ නිර්මාණයත්,
 
 දිනේෂ් සුබසිංහගේ සංගිතයත් .....
 
 කුරිනාරේ... කුරිනාරේ ..
 
 අද ජුනි 02 අඟහරුවාදාය ..
 
 මුහුණු පොතෙන් අහුලගත්ත සුන්දර වටිනා කතාවක්....
 
 කලකට ඉහතදී කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයේදී , එක්තරා ගුරුවරියක් තම පන්තියේ නිතරම ගීත ගායනා කරමින් සිටි ශිෂ්‍යෙකුට දඬුවම් කරනු ලබනවා.
 
 ”‍දරුවො, ”මම සින්දුවලට ආසයි. මමත් සින්දු කිව්වා. ඒ වුණාට ඉස්සෙල්ලා ඉගෙන ගන්න. ඊට පස්සෙ සිංදු කියන්න.. අපි සින්දුත් කිව්වා. ඉගෙනත් ගත්තා. ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. ඒක හොඳට හිතට ගන්න”‍
 
 පසු කලෙක, 1984 වසරේදී මේ ශිෂ්‍යයා වසරේ හොඳම ගායකයාට හිමි සරසවිය සම්මානය දිනා ගන්නවා..එදා ආදරෙන් ඔහුට උපදෙස් දුන් ඒ ගුරුතුමිය එම වේදිකාවේම හොඳම සහය නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලබනවා.
 
 ඒ ශිෂ්‍යයා නම් ප‍්‍රවීණ ගායනවේදී මිල්ටන් මල්ලවාරච්චියි..ඒ ගුරුමාතාව වූයේ ප‍්‍රවීණ රංගනවේදිනී ටි‍්‍රලීෂියා ගුණවර්ධනයි....
 
 සටහන කවිඳුගෙන් සහ අපට සටහන ඉදිරිපත් කලේ ටි‍්‍රිලීෂියා ගුණවර්ධනගේ ඥාති පුතෙකු වන හරිත් ගුණවර්ධන.....