අප්‍රිකානු ගීයෙන් නැළැවෙන සිඟිති සැෆෝ

ජුනි 4, 2020

බොලිවුඩ් නිළි කල්කි කොච්ලින් මව් පදවිය ලැබුවේ පසුගිය පෙබරවාරි 07 වැනිදා. කල්කි සහ ඇයගේ පෙම්වතා, ඊශායල ජාතික සංගීතඥයකු වන ගයි හර්ස්බර්ග් සිය බිළිඳූ දිය‚යට තැබූ නම සැෆෝ. ගර්භධෑ සමයේදී කල්කි සිය අත්දැකීම් දින පොතක් ලෙසින් අන්තර්ජාලය වෙත එක් කිරීම කාගේත් පැසසුමට ලක් වුණා. ඒ විතරක් නෙවෙයි සංගීත භාණ්ඩ වාදනයත් ඇය ඉගෙන ගත්තා. දියණියගේ උපතින් පසුවත් ආදරධෑය අවස්ථා ඇය සමාජ මාධ්‍යවල පළ කරන්න අමතක කළේ නැහැ. පසුගියදා ඇය සිය ඉන්ස්ටග්‍රම් ගිණුමට වීඩියෝවක් එක් කළා. තම දියණිය වෙනුවෙන් අප්‍රිකානු ගීතයක් ගායනා කරමින් කුඩා ගිටාරයක් (ජුකුලේ) වාදනය කරනු එහි දැක්වෙනවා. කල්කී පවසන්නේ එම ගීතය ඇය අන්තර්ජාලය හරහා ඉගෙන ගත් බවයි.