විද්‍යාගෙන් කෙටි චිත්‍රපටයක්

ජුනි 4, 2020

 

විද්‍යා බාලන් ඇගේ කෙටි චිත්‍රපටයේ පළමු පෝස්ටරය පසුගියදා අන්තර්ජාලයට නිකුත් කළා. ෂාන් වියාස් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම කෙටි චිත්‍රපටයට විද්‍යා නිෂ්පාදනයෙන්ද දායක වූවා. "‍රංගනයෙන් සහ නිෂ්පාදනයෙන් දායක වන මගේ පළමු කෙටි චිත්‍රපටය"‍, එහි පෝස්ටරය සමඟින් ඇය සටහනක් තැබුවා. කිසි විටෙකත් නිෂ්පාදකවරයකු වීමට සැලසුමක් නොතිබුණ නමුත් සුන්දර හා බලවත් කතාවක් වන එය මගේ සිතට තදින් කාවැදුණා. ඒ නිසා එහි රඟපෑමට වගේම මෙම චිත්‍රපටය කිරීමටත් මම තීරණය කළා"‍ විද්‍යා පවසනවා. මිෂන් මංගල් චිත්‍රපටයෙන් පසුව ඇයගේ රංගනයෙන් හැඩ වී ඉන්දීය ග‚තඥවරියක වන ශකුන්තලා දේවිගේ චරිතාපදානය ගෙන එන චිත්‍රපටය මේ වසරේදී නිකුත් වීමට නියමිතයි.