හොඳ නරක චිත්‍රපට

ජුනි 11, 2020

බොලිවුඩයේ ජනප්‍රිය චිත්‍රපට තිරරචකයකු, නිෂ්පාදකවරයකු මෙන්ම අධ්‍යක්ෂවරයකු වන අනුරාග් කාශ්‍යප් ගුඩ් බෑඩ් ෆිල්ම්ස් නමින් නව නිෂ්පාදන සමාගමක් ආරම්භ කළා. ඔහුගේ නවතම චිත්‍රපට අධ්‍යක්ෂණය චොක්ඩ් මෙම සමාගමෙන් නිකුත් කෙරෙන පළමු චිත්‍රපටය යි. එය පසුගිය 05 වැනිදා නෙට්ෆ්ලික්ස් ඔස්සේ මුදාහැරුණා. විශාල මුදලක් හමුවීමත් සමඟ බැංකු අයකැමියෙකුගේ ජීවිතය වෙනස්වන අයුරු කියවෙන කතා පුවතක් එහි ඇතුළත්.

ගුඩ් බෑඩ් ෆිල්ම්ස් ඔහුගේ තෙවැනි චිත්‍රපට නිෂ්පාදන ආයතනයයි. 2009 වසරේදී ඔහු අනුරාග් කාශ්‍යප් චිත්‍රපට නමින් චිත්‍රපට නිෂ්පාදන ආයතනයක් ආරම්භ කළ අතර 2010 වසරේ කාන් චිත්‍රපට උලෙළ නියෝජනය කළ උදාන් චිත්‍රපටය එහි නිෂ්පාදනයක්. 2011 වසරේදී විකාශ් භාල් සමඟින් එක්ව ෆැන්ටම් ෆිල්ම්ස් නමින් ආරම්භ කළ නිෂ්පාදන ආයතනය, විකාශ්හට අපචාර චෝදනා එල්ලවීමත් සමඟ 2018 වසරේදී විසුරුවාහරින ලදී.