මධුරි ගායනයට

ජුනි 18, 2020

1993 දී තිරගත වූ 'ඛල් නායක්' චිත්‍රපටයේ දෙවැනි කොටසක් පිළිබඳව දේ දිනවල බොලිවුඩයේ කතාබහට ලක්ව තිබේ. ඛල් නායක් චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වූ මධුරි නම් පවසන්නේ තවමත් ඒ ගැන කිසිවක් නොදන්නා බවයි. "එය මට ප්‍රවෘත්තියක්. ඒ ගැන මට කිසිම අදහසක් නැහැ. ඇත්තටම එය මට පුදුමයක්" ඇය පවසන්නීය.

මධුරි ඩික්සිත්, සන්ජේ දත් සහ ජැකි ෂ්රොප්ගේ රංගනයෙන් හැඩ වූ ඛල් නායක් චිත්‍රපටය ඉහල ජනප්‍රියත්වයක් ලද චිත්‍රපටයක්. "චෝලි කේ පීචේ කා හයි" එහි එන මධුරිගේ වඩාත් ජනප්‍රිය ගීතයක්. ඇය පවසන්නේ තමා රඟපෑ කිසිදු චිත්‍රපටයක ප්‍රතිනිර්මාණයක් හෝ දෙවැනි කොටසක් වෙනුවෙන් දායක වීම ගැන සැබවින්ම සිතන්නේ නැති බවයි. "මම හිතන්නේ එය අනෙක් අයට භාරයි" ඇයගේ අදහසයි.

මේ වන විට මධුරි නිෂ්පාදිකාවක් ලෙසින් ද කටයුතු කරන්නීය. ඇය  ගායනයට උනන්දුවක් දැක්වූ නමුත් එය වෘත්තීමය වශයෙන් කිරීමට ඇයට යම් කාලයක් ගත විය. ගායිකාවක් ලෙස ඇය සිය පළමු ගීතය වන "කැන්ඩල්" මෑතකදී නිකුත් කළ අතර කොරෝනා වෛරසයට එරෙහිව සටන් කරන කම්කරුවන් වෙනුවෙන් එය වෙන් කළාය.