අපූරු ගමන රෝඩ් ටු 20

ජුනි 18, 2020

අභිෂේක් බච්චන් හින්දි සිනමා කර්මාන්තයේ වසර 20ක් සම්පූර්ණ කිරීමට නියමිතව ඇත. ඔහු ඒ වෙනුවෙන් සිය සමාජ මාධ්‍ය තුළ හෘදයාංගම සටහනක් තැබීය. එය සංකේතයක් කරමින් ඔහු 2000 වසරේ ඔහුගේ චිත්‍රපටවල පෝස්ටර් වලින් සමන්විත වීඩියෝවක් බෙදා ගත්තේය. අභිෂේක් සිනමාවට පිවිසීම 'රිෆියුජි' සමඟින් සනිටුහන් කළේය. මෙම සටහනේ ශීර්ෂ පාඨය වූයේ, රෝඩ් ටු 20 යනුවෙනි. '' මෙම මාසය අවසානයේදී මම නළුවෙකු ලෙස අවුරුදු 20 ක් සම්පූර්ණ කරමි යැයි විශ්වාස කිරීමත් දුෂ්කර යි. එය මෙතෙක් වූ අපූරු ගමනක්. මම ආපසු හැරී බලා අතීතය ගැන සිතන කෙනෙක් නොවේ. නමුත් හොඳ වගේම නරක කාලයන් මතක තබා ගැනීමත් සතුටක්. රෝඩ් ටු 20 යනු නළුවෙකු ලෙස මගේ ජීවිතයේ මේ විසිවසර තුළ ඔබව රැගෙන යාමේ උත්සාහයයි '' එම සටහනේ සඳහන් විය.