ජාන්විගේ විවේකය

ජුනි 18, 2020

පසුගිය කාලයේ කොරෝනා වෛරසය පැතිර යාම සමඟින් ලද විවේකය නිසා ජාන්වි කපූර්හට ඇගේ සොහොයුරිය වන කුෂි කපූර් සහ තාත්තා බොනි කපූර් සමඟ සිය නිවෙසේ ගත කිරීමට කාලය ලැබුණි. 2018 දී 'ධඩක්' චිත්‍රපටයෙන් බොලිවුඩ් සිනමාවට පිවිසි ඇය මේ වන විට සමාජ මාධ්‍යවල ඉතා ක්‍රියාකාරී චරිතයක්. ජාන්වි ඇගේ සොහොයුරිය වන කුෂිගේ විහිළු පින්තූර සහ වීඩියෝ නිරන්තරයෙන් සිය ඉන්ස්ටග්‍රම් ගිණුමට ඇතුළත් කිරීම දැන් පුරුද්දක් බවට පත් වී අවසන්. ෆිල්ම්ෆෙයාර් සමඟ මෑතකදී කළ සාකච්ඡාවකදීත් ඇය සිය සොහොයුරිය ගැනත් සඳහන් කළාය. "මගේ සහෝදරිය සමාජ මාධ්‍යවල කෝපයට පත් වෙනවා" ජාන්වී පවසන්නීය.

මේ සියලු දේ අතර ඇගේ පූස් පැටවා රැක බලා ගනිමින් සුරතල් කිරීමටද කාලය වෙන් කරන්නීය. ජාන්වි මීළඟට කරන් ජොහාර්ගේ සිනමා නිර්මාණයක් වන 'තක්ට්' සහ 'දෝස්තනා' හි දෙවැනි කොටසට රංගනයෙන් දායක වීමට බලාපොරොත්තු වේ.