නීතිඥ සිහිනය

ජුනි 25, 2020

කරීනා කපූර් ඉන්දීය සිනමා කර්මාන්තයේ පැරණිතම මෙන්ම විශාලතම තරු පවුලක් වන ප්‍රීතිවිරාජ් කපූර් පවුලේ සාමාජිකාවක්. ඒ හේතුවෙන්ම බොලිවුඩයේ ඇයට විශේෂ ස්ථානයක් හිමි වුවත් කුඩා කාලයේ නීතිඥවරියක වීමේ බලාපොරොත්තුවෙන් සිටි බව පවසන්නීය. බොලිවුඩය කෙරෙහි ඇයගේ ආසාව දැඩි වන්නට බලපෑම් කළ හේතුව වී තිබෙන්නේ වැඩිමහල් සහෝදරිය කරිෂ්මා සමඟින් දර්ශනතල වෙත යාමට අවස්ථාව ලැබීමයි. තත්ත්වය කෙතරම් බරපතළ වී ඇති ද කීවොත් අධ්‍යාපනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරවීම වෙනුවෙන් පියා රන්ධීර් කපූර්හට කරීනා පාසල් නේවාසිකාගාරයක නැවැත්වීමට පවා සිදුවී ඇත.

කෙසේ වෙතත් අතීතය සිහිපත් කරන කරීනා, පවසන්නේ නිතීඥවරියක වීම කෙසේ වෙතත් සිනමා දර්ශනතල වෙත යාමට අංක එක හිමි වූ බවයි. 

වර්තමානය වන විට කරීනා යනු බොලිවුඩයේ ඉහළ ජනප්‍රියත්වයක් හිමි ආදරණීය නිළියකි. මීළඟට කරන් ජොහාර්ගේ ‘තක්ට්’සහ අමීර් ඛාන්ගේ  ‘ලාල් සිං චද්දා’ චිත්‍රපටවලින් ප්‍රේක්ෂකයන් හමුවට නියමිතව ඇත.