සරසවිය සම්මාන දිනූ ආචාර්ය බන්දුල ගුණවර්ධන නිෂ්පාදනය කළ  ද නිවුස් පේපර් 2 වැනිදා එයි

සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර අධ්‍යක්ෂණයක්
ජුනි 25, 2020

සරසවිය සම්මානයෙන් පුද ලැබූ නිෂ්පදකවරයෙකු තැනූ වෙනස්ම අන්දමේ අපූරු සිනමාපටයක් එලඹෙන ජූලි මස දෙවැනිදා සිට ඊ.ඒ.පී මණ්ඩලයේ සිනමාශාලාවන්හි තිරගතවේ. මෙරට සිනමාවේ නවමු වෙනසක් සනිටුහන් කරමින් මෙසේ තිරගත වනුයේ ද නිව්ස් පේපර් සිනමාපටයයි. සිරි මැදුර, අයෝමා, සුද්දිලාගේ කතාව වැනි සිනමාපට නිෂ්පාදනය කළ ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙම සිනමාපටයේද නිෂ්පාදකය. එච්. ඩී. ප්‍රේමසිරි සහ රවීන්ද්‍ර ගුරුගේ ගේ සම                  නිෂ්පාදනයකි.

සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර ද නිවුස් පේපර් සිනමාපටයේ අධ්‍යක්ෂවරුන්ය. කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, ජයලාල් රෝහණ, ධර්මප්‍රිය ඩයස්, ගිහාන් ප්‍රනාන්දු, නෙතලි නානායක්කාර, සරත් චන්ද්‍රසිරි, උමයංගනා වික්‍රමසිංහ, පුබුදු චතුරංග, මාෂි සිරිවර්ධන, දිමුතු චින්තක, වසන්ත මොරගොඩ, වසන්ත කුමාරවිල, චින්තක වාස් ඇතුළු පිරිස මෙහි රංගනයේ යෙදෙති. 

සිරි මැදුර සහ සුද්දිලාගේ කතාව යන චිත්‍රපට        නිෂ්පාදනය වෙනුවෙන් සරසවිය සම්මාන දිනුවේ ආචාර්ය බන්දුල ගුණවර්ධනය.