ඊතලය සේද මාවතේ ඇවිළෙන සුලුයි සමඟ 27 දා සිනමා ශාලා යළි විවෘතයි

ජුනි 25, 2020

මෙම මස 27 වැනිදා සිට දිවයිනේ සියලුම සිනමා ශාලා විවෘත වේ. එය සිනමා ලෝලීන්ට සුබදායි ආරංචියක් වනු නොඅනුුමානය. කොරෝනා වසංගතය හේතුවෙන් මාස තුනකට අධික කාලයක්  සිනමාශාලා වසා දමා තිබිණ. මෙවර සිනමා ශාලාවන්ට ප්‍රේක්ෂකයන්ට ඇතුළු වන්නට වරම් ලැබෙන්නේ  සෞඛ්‍යාරක්ෂිත ක්‍රමෝපායන් භාවිත කරමිනි. කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට සිනමා ශාලා මාර්තු මස තෙවැනි සතියේ සිට  වසා දැමිණ. ඒ වන විට තිරගත වෙමින් තිබූ සිනමාපට යළිත් තිරගත කිරීමට එහි නිර්මාණකරුවන්ට අවස්ථාව උදා වී තිබේ.  ඒ අනුව නාලක විතානගේ ගේ අධ්‍යක්ෂණය කළ ඊතලය, චින්තන ධර්මදාසගේ ඇවිළෙන සුලුයි, හර්ෂ උඩකන්දගේ සේද මාවතේ වැනි සිනමාපට 27 වැනිදා සිට නැවත තිරයට එනු ඇත.