තිලාගේ සරසවියේ ඩය-රියupdate ...

ජුනි 25, 2020

අද ජූනි 17 බදාදාය ....

තිලා මීට මාසයකට ඉහත ඩය-රියඋනඤචබඥ එකේ ලියා පටන් ගන්න හදපු බිස්නස් එක කිහිපදෙනෙක් පටන් අරන් දැන්....

දැන් මුඛආවරණ දාගෙන ආයතනවල රැකියාවලට යන තරුණ තරුණියන් සාරියේ ඇඳුමේ පාටට මුඛ ආවරණය දාන්න පටන් අරන්.... පාරවල්වල හැමදාම උදේට කාර්, වෑන්වල තියාගෙන පාට පාටින් මුඛ ආවරණ විකුණනවා...

තව ටික දවසකින් ජන්ද ලකුණ සහ අපේක්ෂකයන්ගේ පින්තූරයක් දාලා විකුණන්න පටන් ගනී....

මදැ අපි ⁣තොප්පි මහන්න ගියොත් ඉපදෙන උන් ඔලුනැතිව ඉපදෙනවා.......

*******************

අද ජූනි 18 බ්‍රහස්පතින්දාය ......

කොරෝනා තදටම තිබුණු සමයෙ මායියලාගෙන් තිලාට මෙන්ම සැමියලාට වුණ බරපතල වැඩ සහිත ඇඳීරි නීතිය ගොඩක් අයට බලපාලා...

මායියලා යටතේ බරපතළ වැඩ ඇතිව නීතියට යටත් වු සැමියෙක් දික්කසාද වෙන්න හදපු සංවාදයක් තිලාට මුහුණු පොතින් හමුවුණා... එයින් කොටසක් සැමියලා වෙනුවෙන්

 

විනිසුරු : මොනවද ඇය ඔබට පවරන ගෙදර වැඩ?

පැමිණිලිකරු : ස්වාමීනි... සුදුලූනු පොතු ඇරීම

ලොකු ලූනු තුනියට⁣ පෙති කැපීම

වලං පිඟන් ඉඳුල් ඉවත්වන සේ තදින් අතුල්ලා සේදීම

අතින් සබන් ගාමින් කිලිටි රෙදි සේදීම....වගේ වැඩ තමයි

බොහෝ විට පැවරෙන්නේ...

 

විනිසුරු: තමා බරපතළ වැඩ ලෙස සිතාගෙන සිටියාට ඕවා බොහොම සුලු වැඩ...

සුදුලූනු බික් ටික කබලේ දමා ටිකක් රත් කර ගත්තාම

ඉබේම පොතු ටික ගැලවෙනවා...

ලොකු ලූනු පෙති කපන්නට පෙර ටිකක් වෙලා ශීතකරණයේ තැබීමෙන් ඇහැට සැර එන්නේ නැහැ...

ඉඳුල්වලන් පිඟන් විනාඩි විස්සක් වතුරේ ගිල්වා තැබුවාම යන්තම් ඇතිල්ලූ පමනින් ඉඳුල් ඉවත් වෙනවා...

රෙදි හෝදන විට සබන් ගා පැය බාගයක් පැත්තකින් තියලා

ගත්තාම එක වරක් ඇතිල්ලූ පමණින් සියලු කුණු ඉවත් වෙනවා....

පැමිණිලිකරු :

මට තේරුණා ස්වාමීනී...

මම මගේ දික්කසාද අයදුම් පත්‍රය ඉවත් කර ගන්නවා..

විනිසුරු : මොනවද තමාට තේරුණේ..?

පැමිණිලිකරු: මට වඩා ඉහල නිලතල දරණ අයත් බිරියට කීකරුව ගෙදර වැඩකරන බව මම තේරුම් ගත්තා ස්වාමීනී...

සැමියලාට ඉදිරියටත් වැදගත්....

***********************

අද ජූනි 19 සිකුරාදාය ......

අපේ කාලයේ ඡායාරූප ශිල්පියෙක් වු ඉන්ද්‍රනාථ තේනුවර පුංචි ව්‍යාපාරයක් පටන් අරන්... පිළියන්දල බයිපාස් පාරේ තම කාර් එකේ පෝක් කරි සමඟ පොල් රොටි.... ඒකෙ පින්තූරයක් මුහුණු පොතේ දැම්ම ගමන් ... දින කිහිපයකට පස්සේ එතනම තවකෙනෙක් දාලා.....

තව ටික කලකින් පමුණුවෙ රෙදි කඩ වගේ තව පෝක් කරියි පොල් රොටියි විකුණන අය වැඩිවෙයි

දැන් තේනුවර අයියාට තියෙන්නෙ ඒ හරියෙන්ම ඌරොයි පොලුයි, පිටියි විකුණන්න......

*********************

අද ජූනි 20 සෙනසුරාදාය...

සිනමාශාලා ආයෙත් පටන් ගන්න තීරණය කරලා... ලබන 27 දින කියලා තමයි ආරංචිය...

ඔන්න කො⁣රෝන නිසා හමුවෙන්න බැරුව මලානික වෙලා හිටපු පෙම්කරන්නන්ට සතුටු දායක කරුණක් ....

වීඩියෝ කොල් එකකින් පමණක් හමුවුණ පෙම්වතුන්ට දෑත් පටලගෙන ගිහින් බලන්න පුළුවන්...

ඒත් තිලා කල්පනා කළේ මීටරයේ දුර ගැන.. දන්නා කියන අයගෙන් අහල බැලුව..

පෙම්කරන්නන්ට අවුලක් නැත...

පවුලේ අය සමඟ එකට නරඹන්න.. තමන්ගෙ පවුල් පමණයි වෙන පවුල් බෑ...

ඒ කිව්වෙ...

බයිස්කෝප් එකට පවුල් දෙකක් ආවොත් අනික් පවුල පුටුවක් හැරල වාඩිවිය හැකියි...... වෙලාවට දැනගත්තෙ අපේ ගෙදරයි අල්ලපු ගෙදර අයයි බලන්න යන්න හිටියේ....

********************

අද ජූනි 21 ඉරිදාය....

පියවරුන්ගේ දිනය....මව්වරුන්ගේ දිනය වගේම පියවරුන් ගරු කරන්න සලකන්න දිනයක් ඕනැ නෑ...

ඒත් පියවරුන් ගැන ටී,එම්. ජයරත්නයන් ගායනා කර ඔහුගේම බිරිය මාලනි ජයරත්න අකුරු කළ ගීතය කෙතරම් අගනේදැයි තිලාට හිතුණා....

 

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳීන් නුබේ ලෝකය එළිය වුනී
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
පිය සෙනෙහසට කවි ගී ලියැවුණා මදී

 

සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවි බර මට දැනුණේ
මහ මෙරකට උසයි දරුපෙම හද පතුළේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නූනේ

 

මවකට මුවා වී නුඹ වෙත දිවි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ.....

***********************

අද ජූනි 22 සදුදාය ...

අද විශේෂ දවසක් වුණා මානුෂීය මෙහෙයුමෙ හිටපු රණවිරුවන් දෙදෙනෙකුගේ උපන් දිනය යෙදිලා... ඒ එවකට බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ හා බ්‍රිගේඩියර් නිශ්ශංක රණවන විරුවන්ගේ ...

58 සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මුලින්ම මුණගැහුණේ මන්නාරම තල්අඩි යුද හමුදා කඳවුරේදි..

එවකට මානුෂික මෙහෙයුම මුල් අවදියෙදි සන්ඩෙ ඔබ්‍සවර් මධ්‍යවේදිනිය ධනේෂි යටවර සමඟ තිලා එහෙ ගිය අවස්ථාවෙදී දින ගණනක් ගත කළා...

ඒ සහල් නැළිය යෝධ වැව ප්‍රදේශය මුදාගන්නට වෙරදරන කාලයේ...

මුහුද පැත්තෙන් පටන් ගත් ඔහු පුදුමාතලන් පැත්තේ වෙරළෙන් (ෆාරා 3 නැව අසළින්) මාර්ගය ඔස්සේ

පසුව යුද හමුදාපතිවරයා ලෙස කොරෝනා මෙහෙයුමත් සාර්ථක කරගැනීමට උරදුන් විරුවෙක් විය....

තිලා හා ප්‍රසන්න ෆොන්සේකා, ශානිකා ශි‍්‍රී‍්‍රයානන්ද... ශිරෝමි ...

ඒ සමයේ රත්මලානෙන් ගුවන් ගතවී පාලාලි සිට නගර්කොවිල් ප්‍රදේශයට ආවේ ඉදිරි ආරක්ෂක වළල්ලට

එවකට එහි භාරව සිටි කර්නල්වරයා නිශ්ශංක රණවන හමුවු පළමු අවස්ථාවයි..

පසුව 55 වන දෙවැනි සේනාංකාධිපති ලෙස චුන්ඩික්කුලම්, චලෙයි ප්‍රදේශයේ මෙහෙයුමෙ අමාරුම තැන් පසුකිරීමට වගකීම් දැරුවා.... පසු කලෙක කිලිනොච්චිය හා නුවර ප්‍රදේශය බාරව වගකීම් දැරුවා...

අද විශ්‍රාමික ජෙනරාල්වරයා වෙනස්ම වැඩකට යෙදිලා... ඒ ක්‍රියාකාරී දේශපලනය.....

මේ විරුවන් ගැන කෙටියෙන්...

විරුවන් දෙදෙනාටම ගෞරවණීය සුබ පැතුම් ....

*********************

අද ජූනි 23 අඟහරුවාදාය ...

පාතාලයන්ගෙ නම් යෙදෙන්නේ ගමත් එක්ක හෝ ශරීරයේ, රැකියාවේ හැටියටයි... සොත්ති උපාලි, නාවල නිහාල්, කඩුවෙල වසන්ත, කරාටේ ධම්මික, කන්ගැට්ටා, වම්බොට්ටා, නෙවි සම්පත් ⁣අංගොඩ ලොක්කා....

ඒ වගේ අපෙත් ඉන්නවා වල්පොල කමල්, බලපි⁣ටියේ උස විමල්, හොරපේ මලවීර, මොරටුවේ මිටි සමන්, මාලඹේ රුකා, හීල් ක්‍රෙස්ට් වත්තේ සුදේෂ්, වරාගොඩ රොෂාන් පිට්ටා, පානදුරේ කලු තුෂාර, වත්තල චින්තා, කිරිබත්ගොඩ උස සමරේ, මිනුවන්ගොඩ මිටි සමන්ත, කඩුවෙල යෝගි දුෂ්මන්ත, කඩවත එම් කරු, අතුරුගිරියේ බටයා, මහරගම උපාලි, පිළියන්දල ඉන්දික, මිලිටරි විජේ, තලවතුගොඩ තිලා..