නළුකමින් ගොවිකමට

ජූලි 2, 2020

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් නිවෙස්වලට කොටු වී සිටි කාලය ගෙවී මේ වන විට බොහෝ රටවල් යථා තත්ත්වයට පත් වෙමින් තිබේ. බොලිවුඩයේදී නළු නිළියන්, නිෂ්පාදකයන් ඇතුළු ක්ෂේත්‍රයේ සියලු දෙනා තවමත් රූගත කිරීම් සඳහා ඔවුන්ගේ නව නීති රීති බලාපොරොත්තුවෙන් සිටින අතර එය තවමත් පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකය. මෙම බලහත්කාර විවේකය මධ්‍යයේ නවසුදීන් සිද්දික් සිය ආදරණීය පවුලේ සාමාජිකයන් සමඟ කාලය ගත කිරීමට උත්තර් ප්‍රදේශ්හි සිය උපන් ස්ථානයට පදිංචියට ගියේය.

මෑතකදී නවසුදීන් සිය සමාජ මාධ්‍යවල වීඩියෝවක් බෙදාහදා ගත්තේය. එහි දැක්වෙන්නේ ඔහු ගොවියකු ලෙසින් කටයුතු කරන අයුරුයි. ඔහු එම වීඩියෝව සමඟින් සටහන් කර තිබෙන්නේ ‘අද දවසට අවසන්’යනුවෙනුයි. මීට පෙර ඔහු සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත්තේ තම ගමේ ගොවිපොළක කාලය ගත කිරීමට වඩාත් ප්‍රිය කරන බවයි. මේ දිනවල සැබවින්ම ඔහු එම සතුට විඳගනිමින් සිටින බව එම වීඩියෝව නැරඹීමෙන් සිතා ගත හැකිය.