නිරෝධායනයෙන් දින 104කට පසු

ජූලි 2, 2020

ප්‍රීති සින්ටා සමාජ මාධ්‍යවල ක්‍රියාකාරී චරිතයක්. ඒ ඔස්සේ ඇය සිය එදිනෙදා ක්‍රියාකාරකම් පිළිබඳව රසිකයන් යාවත්කාලීන කර තබා ගැනීමට ප්‍රිය කරයි. කොරෝනා වසංගතය හේතුවෙන් දින 104 ක් නිරෝධායනය අවසන්කර නිවසින් පිටව ගිය මුල්ම අවස්ථාව මෑතකදි ඉන්ස්ටග්‍රම් වෙත නිකුත් කළාය. සිය සුනඛ සුරතලා, බෲනෝ සමඟ මුහුදු වෙරළේ  සිටින ඡායාරූපයක් ඇය එහි තැබුවාය. "දින 104 කට පසු අපගේ පළමු ගමන, අපි දෙදෙනාම දෙව්ලොව" යනුවෙන් ඇය එහි සටහන් කළාය.

මීට පෙර ඇය සිය සැමියා ජීන් ගුඩ්නොෆ්ගේ කොණ්ඩය කපන වීඩියෝවක් ද අන්තර්ජාලයට එක්කර තිබුණි. ප්‍රීති සින්ටාගේ රංගනයක් අවසන් වරට දකින්නට ලැබුණේ සනී ඩියොල් සමඟ එක්ව රඟපෑ බයියාජි සුපර්හිට් චිත්‍රපටයේදීය. නීරාජ් පතක් විසින් අධ්‍යක්ෂණය කළ එය 2018 නොවැම්බර් මාසයේදී එළිදැක්විණි.