නෙට්ෆ්ලික්ස් ඔස්සේ එන ගුවන් නිලධාරිනිය

ජූලි 2, 2020

 යුද කලාපයකට ඇතුළු වූ ඉන්දියාවේ ප්‍රථම ගුවන් හමුදා නිලධාරිනිය වන ගුන්ජන් සක්සේනාගේ චරිතාපදානය ගෙන එන ගුන්ජන් සක්සේනා: ද කාර්ගිල් ගර්ල් චිත්‍රපටය නෙට්ෆ්ලික්ස් හි නිකුත් කිරීමට නිෂ්පාදකයින් තීරණය කර ඇත. එයට හේතුව කොරෝනා වෛරසය ව්‍යාප්තිය සමඟින් සිනමාහල් වසා දැමීමත් විවෘත කළ ද ආරම්භයේදී සැලකිය යුතු ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් බලාපොරොත්තු නොවීමත්ය. 

චිත්‍රපටය පිළිබඳ ගුන්ජන් සක්සේනා ඉන්ස්ටග්‍රම්හි හෘදයාංගම සටහනක් තැබුවාය. චිත්‍රපටයේ අධ්‍යක්ෂක ෂරන් ෂර්මා සමඟ මීට වසර තුනකට පෙර මෙම සිනමා ගමන ආරම්භ කළ ආකාරය ඇය සිය සටහනෙන් හෙළි කළාය. එම චිත්‍රපටයේ ගුන්ජන්ගේ චරිතයට පණ පොවන්නේ ජාන්වී කපූර් විසිනි. ‘ජීවිත චාරිකා කිසිවක් උද්‍යානයක ඇවිදීමක් නොවේ’.චිත්‍රපටය නරඹන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිමින් ඇය එම සටහන අවසන් කළාය.