නඩා හඬ නිහඬ වෙයි

ජූලි 2, 2020
 
මිළ පූරකයකු කියූ සැණින් අප මතකයට නැගෙන නඩරාජා සිවම් ඉකුත්දා අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු හැත්තෑ හතරකි. නඩරාජා සිවම් යනු මෙරට දමිළ නිවේදන කලාව තුළ එක්තරා සලකුණකි. ජාතික රූපවාහිනියේ ආයුබෝවන් වැඩසටහන සමඟින් ඔහු ජනතාවට වඩාත් සමීප විය. නඩරාජා ටෙලිනාට්‍ය සහ චිත්‍රපට නළුවෙකි. ළාහිරු දහසක්, යශෝරාවය ඇතුළු නාට්‍ය ගණනාවක ඔහු විවිධ චරිත මැවුවේය. ආකර්ෂා සහ සෙල්වම් මෑත කාලයේ නඩරාජා චරිත රඟපෑ සිනමාපට ද්විත්වයයි. නාඩා යනුවෙන් කොයි කවුරුත් ඇමතූ නඩරාජා සිවම් ඉකුත් සමයේදී සූරියන් ගුවන්විදුලි නාළිකාවේ උපදේශකවරයකු ලෙසට ද කටයුතු කළේය.
 
 
ප්‍රසාද් සමරතුංග - නිශ්ශංක විජේරත්න - නිර්මාණි බණ්ඩාරනායක