පැපරාසින්ටත් නමස්තේ

ජූලි 9, 2020

මාස කිහිපයකට පසුව යොවුන් බොලිවුඩ් නිළි සාරා අලි ඛාන් පළමු වරට එළිමහනේ දැකගත හැකි විය. ඒ මුම්බායි හි චිත්‍රපට නිෂ්පාදක ආනන්ද් එල්. රායිගේ කාර්යාලයට පැමිණි අවස්ථාවේදීය. කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් ඉන්දියාව වසා දැමූ නිසා මාස ගණනාවක් තිස්සේ ඡායාරූප ගත කිරීම සඳහා ජනප්‍රිය තරු සොයා ගැනීමට වෙහෙසෙමින් සිටි ඡායාරූප ශිල්පීන් හට සාරාගේ පැමිණීම විශේෂ අවස්ථාවක් විය. එම අවස්ථාවේදී සාරා ද සිනහමුසු මුහුණින් යුතුව දෙඅත් එක් කොට එම ඡායාරූප ශිල්පීන්හට ආචාර කළාය.

ආනන්ද් එල්. රායිගේ මීළඟ චිත්‍රපටයට සාරා ආරාධනා ලබා සිටින අතර අක්ෂේ කුමාර් සහ දකුණු ඉන්දීය නළු ධනුෂ් ද එහි රංගනයෙන් දායක වීමට නියමිතව ඇත. ඒ පිළිබඳ සටහක් තැබූ සාරා පවසා සිටින්නේ, ආනන්ද් එල් රායි සහ ඒ.ආර්. රහ්මාන් සමඟ වැඩ කිරීමට ලැබීම භාග්‍යයක් සේම අක්ෂේ කුමාර් සහ ධනුෂ් සමඟ රංගනයට ලද අවස්ථාව විශේෂ බවයි.