අමීර්ට කොරෝනා බලපෑම්

ජූලි 9, 2020

අමීර් ඛාන්ගේ කාර්ය මණ්ඩලය කොරෝනා වෛරසය සඳහා වූ පරීක්ෂණ වෙනුවෙන් යොමු කර ඇති බව බොලිවුඩ් ආරංචි ගෙන එයි. අමීර් පවසා සිටින්නේ තම මව වන සීනත් හුසේන් ද එම පරීක්ෂණයට යොමු කළ බවයි. සූපවේදියා සහ පෞද්ගලික ආරක්ෂක නිලධාරින් ඇතුළුව කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් පරීක්ෂණ වලින් රෝගය ඇති බවට තහවුරු වූ අය වෛද්‍ය මධ්‍යස්ථානයක නිරෝධායනයට යොමු කර තිබේ. නිල ප්‍රකාශයක් නිකුත් කරමින් අමීර් මේ වෙනුවෙන් උපකාර කළ සැමට සිය ස්තූතිය පළ කර සිටී.

අමීර්ගේ මීළඟ චිත්‍රපට ලාල් සිං ලබන දෙසැම්බර් මාසයේදී නිකුත් කිරීමය නියමිතව තිබුණද පවතින තත්ත්වය හේතුවෙන් එය කල් දැමීමට තීරණය කර ඇති බවත් වාර්තා වේ. පන්ජාබයේ රූගත කිරීම් කරමින් සිටියදී මේ වසරේ මාර්තු මාසයේදී කොරෝනා වෛරසය හේතුවෙන් රූගත කිරීම නැවැත්වීමට සිදු වූ අතර ඒ වන විට නිම කර තිබෙන්නේ රූගත කිරීම් කාලසටහනෙන් අඩක් පමණි. ලාල් සිං නිර්මාණය වන්නේ ටොම් හෑන්ක්ස් රඟපෑ ජ්ධපපඥඵබ ට්භථන (1994) හොලිවුඩ් සිනමා නිර්මාණය ඇසුරෙනි.