ආලියා සහ රිතික්ට ඔස්කාර් වරම්

ජූලි 9, 2020

ආලියා භාත් සහ රිතික් රෝෂන් ලබන වසරේ පැවැත්වීමට නියමිත ඔස්කාර් සම්මාන උලෙළ සඳහා ඇකඩමි ඔෆ් මෝෂන් පික්චර් ආර්ට්ස් ඇන්ඩ් සයන්ස් වෙතින් ආරාධනා ලබා ඇත. තවද ඇඳුම් නිර්මාණ ශිල්පීනී නීටා ලූලා සමඟින් වාර්තා චිත්‍රපට නිෂ්පාදකයන් වන නිෂ්තා ජේන් සහ අමිත් මාදේෂියා, දෘශ්‍ය ප්‍රයෝග අධ්‍යක්ෂවරුන් වන විශාල් ආනන්ද් සහ සන්දීප් කමල්හට ද ඒ වෙනුවෙන් ආරාධනා ලැබී තිබේ.

ආලියා භාත් රංගනයෙන් දායක වූ සෝයා අක්තාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද ගලි බෝයි 2019 ඔස්කාර් සම්මාන උලේළේදී හොඳම අන්තර්ජාතික විශේෂාංග කාණ්ඩය සඳහා ඉන්දියාවේ නිල ප්‍රවේශය වුවද එය ඔස්කාර් සම්මානය ලබා ගැනීමට අසමත් විය. 93 වැනි ඔස්කාර් සම්මාන උලෙළ 2021 අප්‍රේල් 25 වැනි දින පැවැත්වීමට නියමිත බව ඇකඩමි ඔෆ් මෝෂන් පික්චර් ආර්ට්ස් ඇන්ඩ් සයන්ස් පසුගියදා නිවේදනය කළේය.