පොප් රජු සමඟ

ජූලි 9, 2020

බොලිවුඩ් නළු අනුපම් ඛේර් මෑතකදී සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට පිවිසියේ අතීත මතකයක් සිහිපත් කිරීම වෙනුවෙනි. පොප් රජු වන මයිකල් ජැක්සන් සමඟ අතට අත දෙන ඡායාරූපයක් පළ කරමින් ඔහු සටහනක් ද එක් කළේය. “1996 දී මයිකල් ජැක්සන් ඉන්දියාවට පැමිණි විට තෝරාගත් පුද්ගලයින් පිරිසකට ඔබරෝයි හෝටල් උද්‍යානයේදී ඔහු හමුවීමට ආරාධනා කරන ලදී.

මමත් වාසනාවන්තයි. “මුළු විශ්වයම විස්මයට පත් කර මෝහනය කළ ඒ ඉන්ද්‍රජාලිකයා දෙස මම බලා සිටියෙමි. ඔහු මගෙන් අඩි කිහිපයක් ඈතින් සිටී. මට ඒ මොහොතේ ඔහුගේ අත අල්ලා ගැනීමට අවශ්‍ය විය. ඒ නිසා මම බාධක මැඩ ගනිමින් වේදිකාව දෙසට යාමට සැරසුනි. ආරක්ෂකයින් මා

දෙසට දිව ආ අතර ඔවුන් මා වැළැක්වීමට පෙර මට මේ අවස්ථාව ලබා දුන් භරත් ෂා විසින් ඉන්දියාවේ දැවැන්ත තරුවක ලෙස මා මයිකල් ජැක්සන්හට හඳුන්වා දුන්නේය. ඔහු වහාම හා ආචාරශීලීව මට අතට අත දීම සමඟ මේ ඥායාරූපය මගේ ඉතිහාසයට එක් විය ” යනුවෙන් එහි සඳහන් විය.