විලියම් ඔලම්ස් මියයයි

ජූලි 9, 2020

පැරැණි චිත්‍රපට අධ්‍යක්ෂවරයකු මෙන්ම දක්ෂ චිත්‍රපට කැමරා අධ්‍යක්ෂවරයකු ද වන විලියම් ඔලම්ස් අභාවප්‍රාප්ත විය. සකුන්තලා, හරියට හරි, කෝකිලා, සමු නොගන්න සුගන්ධිකා ආදී සිනමාපටයන්හි අධ්‍යක්ෂවරයා වූ ඔලම්ස් බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි වැනි චිත්‍රපට සඳහා ද සහාය කැමරාකරණයෙන් එක් වූ අයෙකි. අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් වූ තුෂාරා ඇතුළු සහයට ඩැනී අක්කා නගෝ වැනි චිත්‍රපට සඳහා කැමරා අධ්‍යක්ෂණයට දායක වූ ඔලම්ස්ගේ බිරිය සිනමා නිළියක වූ පර්ල් විජේසිංහයි. ඇය ද ඔලම්ස් මිය යාමට දින කිහිපයකට පෙර අප අතරින් සමු ගත්තාය. ඇස් ඉදිරිපිට චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ ඇයයි.

ප්‍රසාද් සමරතුංග - නිශ්ශංක විජේරත්න - නිර්මාණි බණ්ඩාරනායක