දඩඉම රූ ගැන්වූවාට රුවන් කොස්තාට ප්‍රංශයෙන් සම්මාන

ජූලි 9, 2020

ඉකුත් ජූනි 26 වැනිදා ප්‍රංශයේ නීස් නුවර නීස් අන්තර්ජාතික සිනමා උලෙළේ විශිෂ්ටතම කැමරාකරණය සඳහා සම්මානය දඩඉම සිනමාපටය වෙනුවෙන් එහි කැමරා අධ්‍යක්ෂවරයා වූ රුවන් කොස්තා විසින් හිමි කර ගන්නා ලදී. එයට අමතරව හොඳම සිනමාපටය සඳහා ජූරි සම්මානයට, හොඳම තිර රචනයට වෛද්‍ය නෙඕමාල් පෙරේරා සහ හොඳම නළුවාට ජැක්සන් ඇන්තනී ද සම්මාන සඳහා නිර්දේශ වීමද විශේෂත්වයකි. කොවිඩ් වසංගතය හේතුවෙන් මෙම සම්මාන උලෙළ පැවැත් වූයේ ඔන්ලයින් ක්‍රමයටය.

ප්‍රසාද් සමරතුංග - නිශ්ශංක විජේරත්න - නිර්මාණි බණ්ඩාරනායක