සූස්ති 17 එයි

ජූලි 16, 2020

තරුණ සිනමා අධ්‍යක්ෂ කුෂාන් වීරරත්න අධ්‍යක්ෂණය කළ සූස්ති සිනමාපටය මෙම මස 17 වැනිදා සිට රීගල්, මැජෙස්ටික්, ලිඩෝ ඇතුළු සී.ඊ.එල් මණ්ඩලයේ සිනමාශාලාවල තිරගත වේ. ගුත්තිල ස්ට්‍රැටජික් සොලූෂන් වෙනුවෙන් යූ.ඒ.පල්ලියගුරු නිෂ්පාදන කළ සූස්ති සිනමාපටයේ කලණ ගුණසේකර සහ සමනලී ෆොන්සේකා ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබති.ඩබ්ලිව් ජයසිරි, මොරීන් චාරුනී සහ ඩිස්නි රාජපක්ෂ සෙසු චරිත මවන සූස්ති කලණ ගුණසේකරගේ තිර රචනයකි.

චින්තක සෝමකීර්තිගේ කැමරා අධ්‍යක්ෂණයකි. චිමන්ත මහානාමගේ සංස්කරණයෙන් ද යශෝද ධනූපම වර්ණ සංකලනයෙන්ද මෙයට දායක වූහ. සූස්ති ශබ්ද නිර්මාණය  සහ සංගීතය ආශා රාජපක්ෂගෙනි. මනනුවන් රූපසිංහගේ අංග රචනයෙන් සහ නිරෝධ වෙරංගගේ දෘශ්‍ය ප්‍රයෝගයෙන් සූස්ති නිර්මාණය වේ.සූස්ති හි නිෂ්පාදන කළමනාකරණය සචිත් ෆොන්සේකාගෙන් වන අතර ග්‍රැෆික් නිර්මාණ දුමින්ද කළුආරච්චිගෙනි.

තාරුණ්‍යයේ නොදකින පැතිකඩ පිළිබඳ සියුම් ලෙස කතාබහට ලක් කරනු ලබන සූස්ති පවුලේ සැමට නැරඹිය හැකි චිත්‍රපටයකි.