විකට රජෙකුගේ දියණිය

ජූලි 23, 2020

ජොනී ලිවර් බොලිවුඩයේ කාගේත් අවධානය දිනා ගත් හාස්‍ය රංගන ශිල්පියෙකි. ඔහුගේ දියණිය ජේමි ජනුමාලා ද දැන් රංගන ශිල්පිනියකි. ජේමි ජේ නමින් ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වන විට කිස් කිස්කෝ ප්‍යාර් කරෝන් (2015) සහ හවුස්ෆුල් 4 (2019) චිත්‍රපට වෙනුවෙන් රංගන දායකත්වය ලබා දී ඇත.

ජේමි වඩාත් ජනප්‍රිය හාස්‍ය රංගන ශිල්පිනියක ලෙසිනි. විවිධ වැඩසටහන් මෙහෙයවීමේ ද ජනප්‍රියත්වයක් දිනා ගැනීමට මේ වන විට ඇය සමත් වී ඇත. 32 හැවිරිදි ජේමි පසුගියදා සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක් වෙමින් සඳහන් කර සිටියේ තමාගේ දියණිය වීම පමණින් ඇයට බොලිවුඩයට පහසුවෙන් ප්‍රවේශ විය නොහැකි බව පියා විසින් පැවසු බවයි. ඇත්තටම ඔහු දැඩි දකුණු ඉන්දියානු පියෙක්. වෙලාවට වැඩ කරන පුද්ගලයෙක්. විහිළු කිරීමට ගොස් ඔහු කේන්ති ගත් අවස්ථාද නැතුවා නොවේ, තම පියා ජොනී ලිවර් පිළිබඳ ඇය පවසන්නීය.