හේමා ගැන බොරු කතා

ජූලි 23, 2020

බොලිවුඩයේ කට කතා නම් බොහෝ වේ. ඒ අතර පසුගියදා අසන්නට ලැබුණේ ප්‍රවීන නිළි හේමා මාලිනී රෝහල් ගත කර ඇති බවට පැතිර යන කටකතාවයි. 71 හැවිරිදි ඇයගේ සෞඛ්‍ය තත්වය දුර්වල බැවින් රෝහලකට ඇතුළත් කර ඇති බවට එම වාර්තා පළ විය. ඇයගේ දියණිය ඊෂා ඩියොල් එය ප්‍රතික්ෂේප කර සිටින අතර ඇය සුවයෙන් සිටින බව දන්වා සිටී.

අමිතාබ් බච්චන් සහ ඔහුගේ පුත් නළු අභිෂේක් බච්චන්, ලේලිය ඓශ්වර්යා සහ මිණිපිරිය ආරාධ්‍යා කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව පරීක්‍ෂා කර රෝහල් ගත කිරීමෙන් පසු හේමා මාලිනි පිළිබඳ මෙම කටකතා පැතිරෙන්නට පටන් ගෙන තිබේ. ට්විටර් අඩවිය වෙත අදහස් දක්වමින් ඊෂා ජනතාවගෙන් ඉල්ලා සිටියේ වැරදි තොරතුරු වලට ප්‍රතිචාර නොදක්වන ලෙසයි.එසේම සෑම දෙනාගේම ආදරය හා සැලකිල්ල ගැන ස්තූති කිරීමටත් ඇය අමතක නොකළාය. පසුව හේමා මාලිනී විසින් වීඩියෝවක් ද එක් කළ අතර එහිදී කරදර වීමට කිසිවක් නොමැති බවත් ක්‍රිෂ්ණා දෙවියන්ගේ කරුණාවෙන් තමා ඉතා හොඳීන් සිටින බව පැහැදිලි කළාය.