සෝනම් ලන්ඩනයට

ජූලි 23, 2020

සෝනම් කපූර් සහ සැමියා ආනන්ද් අහුජා සිය පවුලේ සාමාජිකයන් සමඟ ඉන්දියාවේ ගත කළ පසු නැවත ලන්ඩනයට ගොස් තිබේ. අන්තර්ජාතික සංචාර සඳහා සීමාවන් පැනවීමට පෙර පැමිණි ඔවුන් කොරෝනා වෛරසය හේතුවෙන් ඉන්දියාව වසා දැමීමේ ආරම්භක අවධියේදී ආනන්ද්ගේ දෙමාපියන් සමඟ දිල්ලියේ නැවතී සිටි අතර ඔවුන් නිවසේදී ස්වයං නිරෝධායනය වී තිබුණි.

නමුත් සෝනම්ගේ උපන්දිනයට පෙර, දේශීය ගුවන් ගමන් සඳහා අවසර ලබා දුන් විට, ඔවුන් මුම්බායි වෙත පැමිණියේ ඇයට කපූර් පවුලේ සාමාජිකයන් සමඟ උපන්දිනය සැමරීම වෙනුවෙනි. ඒ වෙනුවෙන් නිවසේ විශාල උත්සවයක් පැවැත්වූ අතර සෝනම් සහ ආනන්ද් මේ වන විට යළිත් ලන්ඩනයට ගොස් ඇත. කෙසේ නමුත් සෝනම් ඉතා ඉක්මනින් කොරියානු චිත්‍රපටයක් වන 'බ්ලයින්ඩ්' චිත්‍රපටයේ හින්දි ප්‍රතිනිර්මාණය සඳහා එක්වීමට නියමිතය.