ද නිවුස් පේපර් අනුරාධපුරයට

ජූලි 23, 2020

ද නිවුස් පේපර්  සිනමාපටයේ විශේෂ  දර්ශනයක් මෙම මස 24 වැනිදා සවස 4ට අනුරාධපුර විල්මැක්ස් සිනමාශාලාවේදී පැවැත්වීමට නියමිතය. 

කොරෝනා වසංගතය මැඩපැවැත්වීමෙහිලා පුරෝගාමීව කටයුතු කළ, ඒ සඳහා වෙහෙස වූ පිරිස අතරින් තෝරා ගත් ආරාධිතයන් සියයක් සඳහා එම දර්ශනය  වෙන් වනු ඇත. මෙම අවස්ථාව සඳහා ද  නිවුස් පේපර් සිනමාපටයේ අධ්‍යක්ෂණයට මෙන්ම ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වූ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර ඇතුළු චිත්‍රපටයේ නළු නිළියන් කිහිප දෙනෙකු සහභාගී  වනු ඇත. මෙම විශේෂ දර්ශනය නිමවීමෙන් පසුව කතිකාවක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මහාචාර්ය ආරියරත්න ඇතුගල සහ  චිත්‍රපට විචාරක බුද්ධදාස ගලප්පත්ති එය මෙහෙයවීමට නියමිතය.  අනුරාධපුර කලාකරුවෝ පදනම සහ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මෙය සංවිධානය කොට තිබේ. මෙහි සියලු සම්බන්ධිකරණ කටයුතු ජනප්‍රිය නළු දිමුතු චින්තක විසින් සිදු කරනු ලබයි. ඔහු ද නිවුස් පේපර් සඳහා රංගන දායාකත්වය ලබා දී තිබේ.