“ප්‍රේක්ෂා” රංගකලා මහෝත්සවය 2020

ජූලි 23, 2020

නව කොරෝනා නිසා අඩපණ කරනු ලැබූ හා අක්‍රීය කරනු ලැබූ ශ්‍රී ලාංකේය ජන සමාජය සෞන්දර්යවේදය ඔස්සේ නව ප්‍රාණයකින් සක්‍රීය කර පුබුදුවාලීමේ අරමුණින් සහ නාට්‍යවේදීන්, රංගන ශිල්පීන් සහ නාට්‍ය රසිකයින් රංගශාලාවන්ට කැඳවීමේ අරමුණින් ටවර්හෝල් රඟහල පදනම සංවිධානය කරන “ප්‍රේක්ෂා” රංග කලා මහෝත්සවය ජූලි මස 24 වැනිදා සිට 30 වැනිදා දක්වා දින 07ක් පුරාවට ටවර් හා එල්ෆින්ස්ටන් රංගශාලාවන්හීදී ජාතික නාට්‍ය මහෝත්සවයක් ලෙස පැවැත්වේ.

 

“ප්‍රේක්ෂා” රංග කලා මහෝත්සවය වෙනුවෙන්

ටවර් රඟහලේදී

වේදිකා නාට්‍ය රැසක් වේදිකාගත වීමට නියමිතය.

ඒවා පහත පරිදි වේ.

ජූලි 24 වැනිදා - හෙන්රි ජයසේනගේ “හුණුවටයේ කතාව”

ජූලි 25 වැනිදා - ජාලිය රාජපක්ෂගේ “සොකරි”

ජූලි 26 වැනිදා - රාජිත දිසානායකගේ

“සිහින හොරු අරන්”

ජූලි 27 වැනිදා - ආර්.ආර්. සමරකෝන්ගේ “කැලණි පාලම”

ජූලි 28 වැනිදා - ජයලත් මනෝරත්නගේ “තලමල පිපිලා”

ජූලි 29 වැනිදා - තරංග බණ්ඩාරගේ “චව්දරී”

ජූලි 30 වැනිදා - චාමික හත්ලහවත්තගේ

“රජා මං වහලා”

 

“ප්‍රේක්ෂා” රංග කලා මහෝත්සවය වෙනුවෙන්

එල්ෆින්ස්ටන් රඟහලේදීද

වේදිකා නාට්‍ය රැසක් වේදිකාගත වීමට නියමිතය.

ඒවා පහත පරිදි වේ.

ජූලි 24 වැනිදා - සයිමන් නවගත්තේගමගේ

“සුභ සහ යස” (නව නිර්මාණය - ශ්‍රියන්ත මෙන්ඩිස්)

ජූලි 25 වැනිදා - කේ.බී. හේරත්ගේ “ජගන් මා”

ජූලි 26 වැනිදා - බන්දුල ජයවර්ධනගේ “බෙරහඬ”

(නව නිර්මාණය - ඩග්ලස් සිරිවර්ධන)

ජූලි 27 වැනිදා - පුණ්‍යසේන ගුණසිංහගේ

“දික්තල කාලගෝල”,

ජූලි 28 වැනිදා - ජයන්ත චන්ද්‍රසිරිගේ “හංකිති දහතුන”

ජූලි 29 වැනිදා - අකිල සපුමල්ගේ “ගුත්තිල කාව්‍ය”

ජූලි 30 වැනිදා - දයානන්ද ගුණවර්ධනගේ “මධුර ජවනිකා”

 

මෙම නාට්‍ය උලෙළ සෞඛ්‍ය උපදෙස් අනුව රඟහලේ ආසන ප්‍රමාණය අඩක් කර සීමිත ආසන සංඛ්‍යාවක් පමණක් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් වෙන් කර ඇත.