උපාලි ෆොන්සේකාගේ තෙමස් පින්කම

ජූලි 23, 2020

බ්‍රිතාන්‍යයේදී අප අතරින් සමුගත් උපාලි ෆොන්සේකාගේ තෙමස් ගුණ සමරුව සිහිපත් කරමින් පහන් පූජාවක් ඉකුත් දා කිරුළපන බලපොකුණ විහාරස්ථානයේදී පැවැත්විණි. උපාලි නිළි රැජන මාලිනී ෆොන්සේකාගේ බාල සොහොයුරෙකු වන අතර නව පරපුරේ ජනප්‍රිය නිළි සෙනාලි ෆොන්සේකාගේ පියාණන් වේ. මෙම පහන් පින්කම සංවිධානය කොට තිබුණේ උපාලිගේ දයාබර බිරිය සේනානි ධම්මිකා මුදලිගේගේ සොහොයුරා වූ අශෝක සෙනරත් මුදලිගේ විසිනි. නැසීගිය උපාලි ෆොන්සේකා සෙනාලි සහ සේනානි සමඟ අශෝක කලකට ඉහතදී ගත් සේයාරුවකි මේ.