රංජිත්ගේ සුවදුක් විමසමු

ජූලි 23, 2020

අපට සිටින ජ්‍යෙෂ්ඨතම අංග රචනා ශිල්පියකු වන රංජිත් තිලකසිරි බයිපාස් සැත්කමකට ලක්ව මේ වන විට නිවසෙහි විවේක ගනිමින් සිටින වගට සරසවියට වාර්තා විය. රාජ්‍ය සම්මාන දිනූ කලාකරුවකු වන ඔහු ක්ෂේත්‍රයට එක් වනුයේ සිරිපතුල සිනමාපටයේ සහාය අංග රචනා ශිල්පියා හැටියටයි.

ඒ 1975 වසරේදීය. අනතුරුව අරුණට පෙර, මිස් මල්ලිකා, සුද්දා ආදි සිනමාපටයන්හි ප්‍රධාන අංග රචනා ශිල්පියා වූ රංජිත් 1981 වසරේ ජාතික රූපවාහිනිය හා එක් වෙයි. එතැන් පටන් සහකාර අධ්‍යක්ෂ - වේශ නිරූපණ යන තනතුරට පත්ව 2018 විශ්‍රාම යන තෙක් ඔහු ජාතික නාළිකාවේ සේවය කරනු ලැබීය. ළාහිරු දහසක්, පළිඟු මැණිකේ, යශෝරාවය, අත්ත බිඳෙයි, ගජමන් නෝනා, ඉසිවර අසපුව, ගම්පෙරළිය, රන් කහවනු, බෝගල සවුන්දරිස් වැනි නාට්‍යයන්හි අංග රචනා ශිල්පියා වූයේ රංජිත්ය. 0716802021 හෝ 0112400014 අංකයෙන් ඔබට රංජිත්ගේ සුවදුක් විමසිය හැකිය.