හෝකන්දර වෙස් හා පායිම්පත් මංගල්‍යය 31දා

ජූලි 23, 2020

හෝකන්දර උතුර සිව්හෙළ රංග කලා ආයතනයේ හිස වෙස් සහ පායිම්පත් පැලඳවීමේ මංගල්‍යයේ හය වැනි අදියර මෙම මස 31 වැනිදා උදෑසන කෝට්ටේ නාග විහාර පරිශ්‍රයේදී පැවැත්වේ. මෙහිදී කලා ආයතනයේ අධිපති අයි. පී. මධුසංඛ පෙරේරා සහ නර්තන ආචාර්ය මිහිරංග සඳරුවන් පෙරේරා යටතේ ශිල්ප හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යවෝ දහ හතර දෙනෙකුගේ කලඑළි මංගල්‍යය මෙදින සිදු වනු ඇත. කෝට්ටේ නාග විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත දර්ශනපති අතිපූජ්‍ය වතුරුවිල සිරි සුජාත නායක හිමිපාණන් මෙම අවස්ථාවට ආරාධිතයා ලෙස වැඩම කිරීමට නියමිතය.