සතුට ගෙනා ජීවිතය

ජූලි 30, 2020

ල්මාන් ඛාන් මේ වන විට පදිංචි වී සිටින්නේ ඔහුට අයත් පන්වෙල් ගොවිපොළේය. ඔහු ද පසුගිය කාලය ගත කරන ආකාරය පිළිබඳ පින්තූර සහ වීඩියෝ බෙදාගෙන ගැනීමට අමතක නොකළ නළුවෙකි. ඔහු දැන් පවසන්නේ තමා ගොවි ජීවිතය සතුටින් ගත කරන බවයි. ඔහුගේ කලින් සිනමා නිර්මාණවල ගොවි බිම්වල වැඩ කිරීම අපි දැක ඇත්තෙමු. නමුත් දැන්, සල්මන් ඔහුට හිමි කුඹුරුවල සේවයේ යෙදෙන ගොවීන් සමඟ වගා කටයුතුවල යෙදෙමින් සිටී.

සල්මන් මීළඟට ප්‍රභූදේවාගේ රාධේ : යුවර් මෝස්ට් වෝන්ටඩ් භායි චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණීමට නියමිතව ඇත. එහි දීෂා පතානි සහ ජැකී ෂ්රොෆ් ද රංගනයෙන් දායක වෙති. මෙම චිත්‍රපටයද කොරෝනා වසංගතය හේතුවෙන් නිකුත් වන දින තවම දැනුම් දී නොමැත.