අක්ෂේ සහ ට්වින්කල් අලුත් වැඩකට

ජූලි 30, 2020

කොරෝනා වෛරස් අර්බුදය පැවති සමයේ විවිධ සහන සේවා සඳහා නොමසුරුව පරිත්‍යාග කළ අක්ෂේ කුමාර් දැන් වෙනත් වැඩපිළිවෙලකට සිය සහාය ලබා දීමට තීරණයකර ඇති බව බොලිවුඩයෙන් ආරංචි ගෙන එයි.

ඔහු සහ ඔහුගේ බිරිඳ ට්වින්කල් ඛන්නා දැන් කොරෝනා වෛරසය මැඬලීමේ කටයුතුවල නිරත සේවකයන්ට සහාය දැක්වීමට සූදානම්ව සිටිති. එය නම් මුඛ අවරණ පැළඳීමට සහ නිතර නිතර අත් සේදීම ප්‍රවර්ධනය කිරීමයි.

වෛද්‍යවරුන්, සෞඛ්‍ය සේවකයන් සහ රාජ්‍ය බලධාරීහු තවමත් කොරෝනා තත්ත්වය පාලනය කර ගැනීමට අරගල කරමින් සිටිති. මෙය ඉන්දියාවේ පළමු පූර්ණ පියවර අතර වුවද හොලිවුඩ් ජනප්‍රිය තරු ප්‍රසිද්ධියේ මුඛ අවරණ පැලඳීමේ වැදගත්කම බෙදාහදා ගැනීම මේ වන විටත් පටන් ගෙන තිබේ. වසංගතය මධ්‍යයේ මෙහි අවශ්‍යතාවය අවධාරණය කිරීම සඳහා ජෙනිෆර් ඇනිස්ටන්, ගාල් ගැඩෝට් ඇතුළු බොහෝ නිළියන් මේ පිළිබඳ දැනුවත් කිරීම් සමාජ මාධ්‍ය වෙත යොමු කර තිබේ.