ඓශ් - ආරාධ්‍යා නිවෙසට

අගෝස්තු 6, 2020

බොලිවුඩයෙන් පසුගියදා අසන්න ලැබුණේ අමිතාබ් ඇතුළු බච්චන් පවුලේ සාමාජිකයන් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් රෝහල්ගත වු පුවතයි. මේ වන විට ඔවුන් පිළිබඳ සුබ ආරංචියක් ලැබී ඇත. ඒ ඓශ්වර්යා රායි බච්චන් සහ දියණිය ආරධ්‍යා සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි. ජුලි 12 වන දින අමිතාබ් සහ අභිෂේක් බච්චන් කොරෝනා වෛරසය වෙනුවෙන් වු පරීක්‍ෂණය ධනාත්මක වීමෙන් රෝහල් ගත කළ පසුව ඓශ්වර්යා සහ ආරාධ්‍යා ද රෝහලට ඇතුළත් කෙරුණි. ජයා බච්චන්ගේ පරීක්ෂණ වාර්තා සෘණ විය.ඓශ්වර්යා සහ ආරධ්‍යා නිවෙසෙට ගියද අභිෂේක් තහවුරු කර සිටින්නේ තමා සහ ඔහුගේ පියා රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ රැකවරණය යටතේ සිටින බවයි. පසුගිය සති දෙක තුළ අමිතාබ් ද සිය රසිකයන් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ දිගටම සම්බන්ධ වෙමින් සිය බ්ලොග් අඩවියට රෝහලේ සිට දිගින් දිගටම ලිවීය.