අයුෂ්මාන් මලල ක්‍රීඩාවට

අගෝස්තු 6, 2020

අයුෂ්මාන් කුරානා මේ වන විට බොලිවුඩයේ ජනප්‍රිය මෙන්ම සම්මානනීය නළුවකු බවට පත් වී අවසන්. හාස්‍ය, ත්‍රාසජනක ක්‍රියාදාම ඕනෑම සිනමා නිර්මාණයක තම චරිතය මැනවින් ගෙන එන ඔහු ෆිල්ම්ෆෙයාර්, ඉන්දීය ජාතක සම්මාන අතර හොඳම නළුවාට හිමි සම්මානයන්ට අමතරව හොඳම පසුබිම් ගායකයාට හිමි සම්මානයකුත් හිමියි. ළඟදීම ඔහු මලල ක්‍රීඩකයකු ලෙසින් ඔබ හමුවීමට නියමිත බව බොලිවුඩ් ආරංචි ගෙන එනවා. ඒ වෙනුවෙන් ඔහු තම සිරුර වෙනස් කර ගැනීමට පවා නියමිත බවත් සැලයි. කේදර්නාත්, රොක් ඔන් වැනි චිත්‍රපට ගෙන ආ අභිෂේක් කපූර් විසින් අධ්‍යක්ෂණය කිරීමට නියමිත මෙම චිත්‍රපටය සුන්දර ආදර කතාවක් ගෙන එන පවුලේ චිත්‍රපටයක්.