වැස්සට වඩේ

අගෝස්තු 6, 2020

බොලිවුඩ් නළු නිළියෝ මේ දිනවල විවේකයෙන් කාලය ගත කරමින් සිටීති. මේ අතර පසුගිය සඳුදා මුම්බායිහි ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් අනුෂ්කා ශර්මා සුප්‍රසිද්ධ කෑමක් වන වඩේ හදන්න තීරණය කරලා. ඒ විතරක් නෙවෙයි හදපු වඩේ ඉතුරු නොකරන්නත් ඇය වග බලාගෙන. මීට පෙරදීත් අවස්ථා කිහිපයකදීම ඇය රසවත් කෑම රස විඳීන අයුරු ඉන්ස්ටග්‍රම් වෙත එක් කර තිබූ අයුරු දැකගත හැකි වුණි. කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් නිවෙසට වී සිටි ඇය පසුගිය කාලයේ රූපාලංකාර කටයුතු හා කොණ්ඩා කැපීම වෙනුවෙන් වෙහෙසුණු අයුරුත් වීඩියෝ එක් කරන්න අමතක කළේ නැහැ. මේ වන විට ඇය කතා මාලාවක නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සූදානමින් පසුවන බවත් ආරංචියි. ඇයගේ රංගනයක් අවසන් වරට දකින්නට ලැබුණේ ආනන්ද් එල් රායි විසින් අධ්‍යක්ෂණය කර 2018 දෙසැම්බර් මාසයේදී තිරගත කෙරුණු 'සීරෝ ' චිත්‍රපටයෙනි.