අවසන් මහා තරගය දිනන්නේ කවුද?

අගෝස්තු 6, 2020

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව The Voice of Teen Sri Lanka  රියැලිටි වැඩසටහනෙහි අවසන් මහා තරගය අගෝස්තු මස 08 සහ 09 යන දෙදින සන්ධ්‍යාවේදී රත්මලාන සිරස  Stains  මැදිරි සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.

මාස පහකට අධික කාලයක් පැවැත්වුණු The Voice of Teen Sri Lanka රියැලිටි තරඟාවලිය මෙරට ටෙලිවිෂන් රසිකයන් ඉමහත් ආදරයෙන් වැලදගත් ටෙලිවිෂන් වැඩසටහන් ලෙස නම් කළ හැකිය.

ෙරෙයිනි චාරුකා, දුමාල් වර්ණකුලසූරිය, අශාන්ති ද අල්විස්, සනුක වික්‍රමසිංහ යන ගායන ශිල්පීනීන් එම තරඟාවලියෙහි විනිසුරු මඬුල්ල ලෙස කටයුතු කළ අතර ආරම්භයේ සිටම තරගයෙන් ජයග්‍රහණය කළ තරගකරුවන් විනිසුරුවරුන් සිව්දෙනාගේ කණ්ඩායම් හතරෙන් එකකට අයත්ය. Blind Audition, Battle Round, KnockOuts  සහ Live Semi Finals  යන තරග වටවලින් අනතුරුව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ තරගකරුවන් අට දෙනෙකි. ඔවුන් මෙසේය.